පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
221/’18
ගරු ඩග්ලස් දේවානන්ද මහතා,— උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වවුනියාව, මාමඩු, අක්බෝවිල් ප්‍රදේශයේ පුරාණ සුසාන භූමියක් පිහිටා තිබෙන බවත්;
(ii) එම සුසාන භූමිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සලකුණු කර ඇති බවත්;
(iii) මෑතකදී එම ප්‍රදේශයේ තේක්ක ගස් කපා දැමීමේ සිද්ධියක් හේතුවෙන් එම සුසාන භූමියට සහ එහි පිහිටා තිබෙන පුරාවස්තුවලට හානි සිදුවී විනාශ වී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත සුසාන භූමියෙහි පුරාවස්තු විනාශ කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේද;
(ii) අනාගතයේදී එම පුරාවස්තු ආරක්ෂා කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2018-07-17
අසන ලද්දේ
ගරු ඩග්ලස් දේවානන්දා මහතා, පා.ම.
අමාත්‍යාංශය
උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
2 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks