01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0191/2018: Construction of a culvert in Murijaru in Trincomalee- Batticaloa highway

2339/’17

ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       පසුගිය රජය කාලයේ ත්‍රිකුණාමලය - මඩකලපුව, A15 මාර්ගය ප්‍රතිසංස්කරණය කරන ලද බවත්;

             (ii)       මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමේදී උප්පාරු ප්‍රදේශයට යාබදව පිහිටි මුරින්ජාරු ප්‍රදේශයේ ඉදිකළ යුතුව තිබූ බෝක්කුව ඉදි නොකළ බවත්;

(iii) එම නිසා, ගංවතුර බැස යාමට නොහැකිව කින්නියා ප්‍රදේශය ගංවතුරෙන් යටවන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) මෙම ස්ථාන‍යේ බෝක්කුවක් ඉදිකිරීමට  පියවර ගන්නේද;

(ii) එසේ නම්, බෝක්කුව ඉදිකිරීමට ගතවන කාලය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-06-05

අසන ලද්දේ

ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග හා මාර්ග සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks