04

E   |     |  

 දිනය: 2018-09-19   පිළිතුර ලබා දී ඇත 

0177/2018: කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටල් ව්‍යාපෘතිය : ගිවිසුම

177/’18

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       කොළඹ, ෂැංග්‍රිලා හෝටල් ව්‍යාපෘතිය සඳහා චීන රජය, ශ්‍රී ලංකා රජය සමඟ ගිවිසුමක් අත්සන් කර තිබේද;

            (ii)       ඒ අනුව චීනය හා ශ්‍රී ලංකාව යන පාර්ශ්වවලින් ගිවිසුමට අත්සන් කර ඇත්තේ කවුරුන්ද;

(iii) ගිවිසුම අත්සන් කර ඇති දිනය කවරේද;

(iv) එම ගිවිසුම සභාගත කරන්නේද;

(v) එම ව්‍යාපෘතිය සඳහා ලබා දී ඇති ඉඩමේ ප්‍රමාණය කොපමණද;

(vi) එම ඉඩම ලබාදී ඇති පදනම කවරේද;

(vii) සින්නක්කර පදනමින් ලබා දී ඇත්නම්, එම සින්නක්කර ඔප්පුවේ අංකය එහි මුද්‍රා තබා ඇති දිනය හා ස්ථානය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-09-19

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

----

පිළිතුරු දුන් දිනය

2018-09-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මලික් සමරවික්‍රම මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks