01

E   |     |  

 දිනය: 2018-06-07   පිළිතුර ලබා දී ඇත 

0157/2018: Students qualified for university and those qualified to study medicine of the students who sat for A/L 2015 from Biology stream - Puttlam and Kurunegala districts

157/’18

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා,— උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2015 වර්ෂයේදී අ.පො.ස. (උසස් පෙළ) විභාගය සඳහා ජීව විද්‍යා විෂය ධාරාවෙන් පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලින් පෙනී සිටි ශිෂ්‍යයන් සංඛ්‍යාව;

            (ii)       එම සංඛ්‍යාවෙන්, විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍යයන් සංඛ්‍යාව සහ ප්‍රතිශතය;

(iii) වෛද්‍ය පීඨ සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍යයන් සංඛ්‍යාව සහ ප්‍රතිශතය;

 

 

(iv) වෛද්‍ය පීඨ සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාවගේ අවම ප්‍රතිඵලය,   Z අගය, ඉගෙනගත් පාසල හා තෝරා ගනු ලැබූ වෛද්‍ය පීඨය;

එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන්  වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-06-07

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.

අමාත්‍යාංශය

උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks