04

E   |     |  

 දිනය: 2018-06-20   පිළිතුර ලබා දී ඇත 

0039/2018: Proposals 204- Budget 2016

39/’18

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා,— ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      2016 අයවැයෙහි අංක 204 යෝජනාවට අනුව, තාර සඳහා වූ වෙළෙඳපොළ ලිහිල් කරනු ලැබුවේද;

             (ii)      එසේ නම්, ඒ සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ග කවරේද;

(iii) උක්ත අයවැය යෝජනාවට අනුව තාර වෙළෙඳපොළට පිවිසි ප්‍රධාන සැපයුම්කරුවන් කවුරුන්ද;

(iv) වර්ෂ 2003 සිට 2016 දක්වා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙහි තාර නිෂ්පාදනය හා එක් එක් වර්ෂය අවසානයේදී පැවැති තොග ප්‍රමාණය කවරේද;

(v) වර්ෂ 2009 සිට 2016 දක්වා ලෝක වෙළෙඳපොළෙහි තාර මිල සහ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ තාර මිල වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;

(vi) වර්ෂ 2015 සිට 2020 දක්වා ශ්‍රී ලංකාවේ තාර අවශ්‍යතාවය පිළිබඳ පුරෝකථනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

 

අසන ලද දිනය

2018-06-20

අසන ලද්දේ

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks