04

E   |     |  

 දිනය: 2018-06-19   පිළිතුර ලබා දී ඇත 

0038/2018: Proposals 182- Budget 2016

38/’18

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා,— සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)       2016 අයවැයෙහි අංක 182 යෝජනාවට අනුව, ප්‍රාථමික කර්මාන්ත කවුන්සිලයක් (Primary Industry Council) පිහිටුවනු ලැබුවේද;

            (ii)       එසේ නම්, එම දිනය සහ ස්ථානය කවරේද;

(iii) උක්ත අයවැය යෝජනාවෙහි, ප්‍රාථමික කර්මාන්ත කවුන්සිලයක් පිහිටුවීමේ අරමුණු හා ඒ සඳහා වූ වැඩපිළිවෙළ සැකෙවින් පැහැදිලි කරන්නේද;

(iv) මෙම කවුන්සිලයට සම්බන්ධවන විශේෂඥයන්ගේ නාම ලේඛනයක් ඉදිරිපත් කරන්නේද;

(v) උක්ත යෝජනාවෙහි සඳහන් වන ශ්‍රී ලංකාවේ දැනට සක්‍රීයව පවත්නා ප්‍රාථමික කර්මාන්ත පිළිබඳ ලැයිස්තුවක් ඉදිරිපත් කරන්නේද;

(vi) 2009 යුද ගැටුම් නිමවීමෙන් පසු, උතුරු නැගෙනහිර ඇතුළුව ශ්‍රී ලංකාව තුළ අළුතින් ඇරඹූ ප්‍රාථමික කර්මාන්තයන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?‍

 

 

අසන ලද දිනය

2018-06-19

අසන ලද්දේ

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks