04

E   |     |  

 දිනය: 2018-06-07   පිළිතුර ලබා දී ඇත 

0036/2018: Proposals 169- Budget 2016

36/’18

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා,— සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)       2016 අයවැයෙහි අංක 169 යෝජනාවට අනුව, කුරුඳු හා ඒ ආශ්‍රිත පර්යේෂණ සඳහා වෙන් කරන ලද රුපියල් මිලියන 5ක ප්‍රතිපාදනය වැය කළ ආකාරය පිළිබඳ වැය විස්තරයක් ඉදිරිපත් කරන්නේද;

(ii) උක්ත අයවැය යෝජනාවට අනුව, 2016 වර්ෂය තුළදී රාජ්‍ය මූල්‍ය ප්‍රතිපාදන භාවිතා කර සිදු කරන ලද පර්යේෂණ සංඛ්‍යාව, එම පර්යේෂණ සිදුකළ පර්යේෂකයන්ගේ නම් සහ ඒවායේ කාර්ය සාධන වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;

(iii) කුළුබඩු (ගම්මිරිස්, කරාබු නැටි සහ සාදික්කා) අපනයන සඳහා වූ සෙස් බදු ඉවත් කිරීම හේතුවෙන් 2016 වර්ෂයේදී සෙස් බදු ආදායම් අහිමිවීමේ ප්‍රමාණය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

 

අසන ලද දිනය

2018-06-07

අසන ලද්දේ

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks