01

E   |     |  

 දිනය: 2018-09-04   පිළිතුර ලබා දී ඇත 

0029/2018: Unapproved road built by filling paddy field Ganga ihala kandy

2126/’17

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මහනුවර දිස්ත්‍රික්කයේ, ගඟ ඉහළ ගොවිජන බලප්‍රදේශයේ, ගිරිඋල්ල විහාරස්ථානයට අයත් ජම්බුගහමුලදෙනිය නැමති කුඹුර නිසි අවසරයකින් තොරව පුරවා පෞද්ගලික මාර්ගයක් ඉදිකර ඇති බවත්;

(ii) මේ සඳහා කූඨ ලේඛන සකස් කිරීමට රජ‍යේ මුදල් වියදම් කර ඇති බවත්;

(iii) ඉහත මාර්ගය ඉදිකර ඇත්තේ කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහයකවරයෙකුගේ නිවසක් සඳහා ප්‍රවේශ මාර්ගයක් වශයෙන් බවත්;

(iv) ඉහත මාර්ගයේ ආරම්භක කොටසද අනවසර ලෙස ඉදිකර ඇති බවත්;

(v) මෙම ස්ථානයේ අඩිපාරක් හෝ නොතිබුනු බවත්; ප්‍රාදේශීය සභාවට අයත් නොවන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) මහජන මුදල් අවභාවිතා කරන මෙවැනි නිලධාරින් සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-09-04

අසන ලද්දේ

ගරු ආනන්ද අලුත්ගමගේ මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks