04

E   |     |  

 දිනය: 2018-10-11   පිළිතුර ලබා දී ඇත 

0013/2018: Displaced estate sector families who are yet to receive new houses for those that were damaged due to earth slips 2016

13/’18

ගරු කනක හේරත් මහතා,— වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      2016 මැයි මාසයේ ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ සිදු වූ නාය යෑමෙන් අවතැන් වූ වතු පවුල් සංඛ්‍යාව කොපමණද;

(ii) මේ වනවිට අවතැන් වූ වතු පවුල් සඳහා නිවාස ලබා දී තිබේද;

(iii) එසේ නම්, නිවාස ලබා දී ඇති පවුල් සංඛ්‍යාව කොපමණද;

(iv) මෙතෙක් නිවාස නොලැබුණු වතු පවුල් සංඛ්‍යාව කොපමණද;

(v) එම නිවාස ලබා දීම ප්‍රමාද වීමට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-10-11

අසන ලද්දේ

ගරු කනක හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks