04

E   |     |  

 දිනය: 2018-06-05   පිළිතුර ලබා දී ඇත 

0009/2018: Archaeological places threatened due to Tank being built in Holombuwa area

9/’18

ගරු කනක හේරත් මහතා,— වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ගලිගමුව මැතිවරණ කොට්ඨාසයේ, හොලොම්බුව ප්‍රදේශයේ ජලාශයක් ඉදි කරන්නේද;

             (ii)       එම ජලාශයට යටවන පුරාවිද්‍යා වටිනාකමින් යුත් දැදිගම  කොටවෙහෙර, ස්ත්‍රී පුර ගල්ලෙන් විහාරය ඇතුළු පෞරාණික වෙහෙර විහාර හා ආගමික ස්ථාන සංඛ්‍යාව කොපමණද;

(iii) එම ජලාශයට යටවන ගලිගමුව හා දැදිගම මැතිවරණ කොට්ඨාසවල ගම්මාන සංඛ්‍යාව සහ ඒවායේ නම් කවරේද;

(iv) එකී ගම්වල ඉඩකඩම් අහිමිවන පවුල් සංඛ්‍යාව කොපමණද;

(v) හොලොම්බුව සිට උමං මාර්ගයක් මඟින් මා ඔයට ජලය ගෙන යාමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්නේද;

(vi) කිසිදු ස්වභාවික ව්‍යසනයකට ගොදුරු නොවන සෑම අංශයකින්ම වටිනාකමක් ඇති එවැනි ප්‍රදේශයක ජලාශයක් ඉදිකිරීමෙන් එම ප්‍රදේශයේ  ජනතාවට විශාල හානියක් සිදුවන බව පිළිගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-06-05

අසන ලද්දේ

ගරු කනක හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමනාකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks