04

E   |     |  

 දිනය: 2018-08-23   පිළිතුර ලබා දී ඇත 

0008/2018: Jailer Vacancies

8/’18

ගරු කනක හේරත් මහතා,— අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමියගෙන් ඇසීමට,— 

(අ)         (i)      ශ්‍රී ලංකාවේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ සේවය කරන මුළු කාර්ය මණ්ඩලය කොපමණද;

            (ii)      එහි පළමු ශ්‍රේණියේ ජේලර්වරුන් සංඛ්‍යාව කොපමණද;

(iii) දෙවන ශ්‍රේණියේ ජේලර්වරුන් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)    (i) 2015 වර්ෂයේ සිට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ පවතින පළමු ශ්‍රේණියේ   ජේලර් තනතුරුවල පවත්නා පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;

(ii) පුරප්පාඩුව පවතින එම තනතුරු සඳහා සුදුසුකම්ලත් දෙවන ශ්‍රේණියේ  ජේලර්වරුන් සංඛ්‍යාව කොපමණද;

(iii) එම පුරප්පාඩු පිරවීමේදී සලකා බලනු ලබන නිර්ණායක කවරේද;

(iv) ඉදිරියේදී මෙම පුරප්පාඩු පිරවීමට කටයුතු කරන්නේද;

(v) එසේනම්, එම දිනය කවරේද;

යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-08-23

අසන ලද්දේ

ගරු කනක හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks