04

E   |     |  

 දිනය: 2018-08-07   පිළිතුර ලබා දී ඇත 

0007/2018: Jobs for unemployment graduates

7/’18

ගරු කනක හේරත් මහතා,— රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

 (අ)        (i)       ශ්‍රී ලංකාව තුළ මේ වනවිට  උපාධිධාරීන් විශාල සංඛ්‍යාවක් රැකියා අපේක්ෂාවෙන් සිටින බව දන්නේද;

            (ii)       ශ්‍රී ලංකාවේ මේ වනවිට රැකියා අපේක්ෂාවෙන් සිටින උපාධිධාරින් සංඛ්‍යාව කොපමණද;

(iii) එසේ නම්, ඔවුන්ට රැකියා ලබා දීම සඳහා යම් වැඩපිළිවෙළක් රජය විසින් සකස් කර තිබේද;

(iv) රැකියා වියුක්ත සියලු උපාධිධාරීන්ට රජය විසින් රැකියා ලබා දීමට කටයුතු කරන්නේද;

(v) නොඑසේ නම්, රජය විසින් රැකියා ලබා දීමට අපේක්ෂිත උපාධිධාරීන් සංඛ්‍යාව කොපමණද;

(vi) මෙම තෝරාගැනීම් කවර නිර්ණායක යටතේ සිදුකරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) රටේ දැවෙන ප්‍රශ්නයක් වන මේ සඳහා රජය විසින් කඩිනම් පියවර ගැනීම සඳහා ගතවන කාලය කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම් ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-08-07

අසන ලද්දේ

ගරු කනක හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

2 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks