01

E   |     |  

 දිනය: 2011-01-05   පිළිතුර ලබා දී ඇත 

0543/2011: Samurdhi

0543/’10 ගරු එම්. ටී. හසන් අලි මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) කොළඹ 10, මාලිගාවත්ත පෙදෙස, අංක 151/ඒ/8 දරන නිවසේ පදිංචි මොහොමඩ් බෂීර් මහතා වයස අවුරුදු 48 ක් වූ, වකුගඩු රෝගයෙන් පෙලෙන අයෙකු බවත්; (ii) ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති බෂීර් මහතාට හිමිවිය යුතු සමෘද්ධි සහනාධාරය ලබා දීමට එම ප්‍රදේශයේ සමෘද්ධි සංවර්ධන නිලධාරියා මෙතෙක් කටයුතු කර නොමැති බවත්; එතුමා දන්නෙහිද? (ආ) බෂීර් මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට නොපමාව සමෘද්ධි සහනාධාර හිමිකම ලබා දීමට එතුමා කටයුතු කරන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2011-01-05

අසන ලද්දේ

ගරු ගරු එම්. ටී. හසන් අලි මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks