04

E   |     |  

 දිනය: 2010-10-07   පිළිතුර ලබා දී ඇත 

0505/2010: Yangalmodara Railway Crossing

0505/’10

ගරු ශාන්ත බණ්ඩාර මහතා,— මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      කුරුණෑගල දිස්ත්‍රික්කයේ, දඹදෙණිය මැතිවරණ කොට්ඨාසයට අයත්, යාංගල්මෝදර නම් ස්ථානයේ දුම්රිය හරස් මාර්ගයක් ඇති බවත්;

            (ii)      එම ස්ථානයේ මාරක අනතුරු රාශියක් සිදු වූ බවත්;

එතුමා දන්නෙහිද?        

(ආ) යාංගල්මෝදර දුම්රිය හරස් මාර්ගයේ අනතුරු වැළැක්වීමට හා වාහන තදබදය අවම කිරීම සඳහා ගුවන් පාලමක අවශ්‍යතාවයක් ඇති බව එතුමා පිළිගන්නෙහිද?  

(ඇ) (i) එසේ නම්, එම ස්ථානයේ ගුවන් පාලමක් ඉදිකිරීමට අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේද;

(ii) එසේ නම්, ඒ සඳහා වැයවන මුදල කොපමණද;

(iii) එම ඉදිකිරීම් ආරම්භ කරන කාලවකවානුව කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ඈ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-10-07

අසන ලද්දේ

ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks