04

E   |     |  

 දිනය: 2018-01-24   පිළිතුර ලබා දී ඇත 

2455/2018: Government Policy on Palm Oil Cultivation

2455/17

ගරු තාරක බාලසූරිය මහතා,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       ශ්‍රී ලංකාවේ එක් එක් දිස්ත්‍රික්කය තුළ කටුපොල් වගා කර ඇති ඉඩම් ප්‍රමාණය ආසන්න වශයෙන් කොපමණද;

            (ii)       ශ්‍රී ලංකාව තුළ කටුපොල් වගාව ව්‍යාප්ත කිරීම සම්බන්ධයෙන් රජය අනුගමනය කරන ප්‍රතිපත්තිය කවරේද;

(iii) කටුපොල් වගාවත්, ජල ධාරණය සහ පාංශු හායනයත් අතර සහසම්බන්ධතාවයක් ඇති බවට අමාත්‍යංශය විසින් හඳුනාගනු ලැබ තිබේද;

(iv) එසේ නම්, මේ වනවිට ඒ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දැනුම් දෙන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-01-24

අසන ලද්දේ

ගරු තාරක බාලසූරිය මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks