පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0492/’10
ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා,— ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් පානීය ජල පහසුකම් සපයා දී ඇති ප්‍රතිශතය කොපමණද;
(ii) මොනරාගල දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් පානීය ජල පහසුකම් සපයා දී ඇති ප්‍රතිශතය කොපමණද ;
(iii) මොනරාගල දිස්ත්‍රික්කයට යාබද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් පානීය ජල පහසුකම් සපයා දී ඇති ප්‍රතිශතය කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) දැනට ජල පහසුකම් සපයා ඇති ඇතැම් ප්‍රදේශවල ජනතාවට වියලි කාලයේ දී ජලය නොලැබෙන බවත්;
(ii) පානීය ජල අවශ්‍යතා සපුරා නොමැති ප්‍රදේශවල දිළිඳු ජනතාව සීඝ්‍ර ලෙස ලෙඩ රෝගවලට ගොදුරු වන බවත්;
(iii) පසුගිය කාලයේ දී අනෙකුත් දිස්ත්‍රික්කවලට සාපේක්ෂව මොනරාගල දිස්ත්‍රික්කයේ විශේෂ ජල ව්‍යාපෘති ක්‍රියාත්මක නොවූ බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ඇ) එසේ නම්, මොනරාගල දිස්ත්‍රික්කය තුළ දැනට ජල පහසුකම් නොමැති ප්‍රදේශවලට ජලය ලබාදීමට විධිමත් වැඩපිළිවෙලක් සකස් කර තිබේද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-10-08
අසන ලද්දේ
ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ජලසම්පාදන හා ජලාපවාහන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks