බලන්න

04

E   |     |  

 දිනය: 2018-03-21   පිළිතුර ලබා දී ඇත 

2323/2018: Dambulla International Cricket Stadium

2323/’17

ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය,— ක්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කළ දිනය කවරේද;

             (ii)       එම ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා වැයකළ සම්පූර්ණ මුදල කොපමණද;

            (iii)       එම මුදල් සපයාගත් මූලාශ්‍ර කවරේද;

            (iv)       ක්‍රීඩාංගණය විවෘත කළ දිනයේ සිට අද දක්වා එම ක්‍රීඩාංගණයේ පැවති ටෙස්ට් තරඟ, එක්දින තරඟ සහ 20 - 20 තරඟ සංඛ්‍යාව කොපමණද;

(v) එම තරඟවලින් ඉපැයූ ආදායම කොපමණද;

(vi) එහි සේවයේ නියුතු සේවක සංඛ්‍යාව හා එම සේවකයන් අතරින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සෘජුව අයත් සේවකයන් හා දිස්ත්‍රික්ක ක්‍රිකට් සංගමයට අයත් සේවකයන් සංඛ්‍යාව, වෙන් වෙන් වශයෙන් කොපමණද;

(vii) එම සියලු සේවකයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අනුයුක්ත කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද;

  යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-03-21

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks