01

E   |     |  

 දිනය: 2017-12-07   පිළිතුර ලබා දී ඇත 

2217/2017: Removal of Land Mines in Muhamalai

2217/’17

ගරු එස්. ශ්‍රීතරන් මහතා,— බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ, පච්චිලෛපල්ලි ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත් මුහමාලෙයි ගම්මානය පිළිබඳව;

            (ii)       එම ගම්මානයේ භූමි ප්‍රමාණය සහ ජනගහනය පිළිබඳව;

(iii) එම ප්‍රදේශයේ බිම් බෝම්බ වළලා ඇති බවත්, ඒවා මේ වනවිට ඉවත් කරමින් සිටින වැඩසටහන සඳහා මූල්‍යාධාර සපයනු ලබන අය පිළිබඳවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) බිම් බෝම්බ සම්පූර්ණයෙන් ඉවත් කිරීම සඳහා ගතවන කාලය කොපමණද;

(ii) එම ප්‍රදේශය මහජනතාවට පදිංචිවීම සඳහා භාරදීමට බලාපොරොත්තු වන දිනය කවරේද;

(iii) නැවත පදිංචි කිරීම්, නිවාස යෝජනා ක්‍රම පහසුකම් ඔවුන්ට ලබා දීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

 

අසන ලද දිනය

2017-12-07

අසන ලද්දේ

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

නැවත පදිංචි කිරීම,පුනරුත්ථාපන, උතුරු සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks