01

E   |     |  

 දිනය: 2017-11-16   පිළිතුර ලබා දී ඇත 

2188/2017: New Buildings for schools of Minuwangoda Educational Zone

2188/’17

ගරු ප්‍රසන්න රණතුංග මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      2017 වර්ෂයේදී මිනුවන්ගොඩ අධ්‍යාපන කොට්ඨාසයේ පාසල්වල නව ගොඩනැගිලි ඉදිකිරීම සඳහා ප්‍රතිපාදන වෙන්කර තිබේද;

            (ii)      එසේ නම්, නව ගොඩනැගිලි ඉදිකිරීමට සැලසුම් කර ඇති පාසල් හා ඊට අදාළ මුදල වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) මිනුවන්ගොඩ අධ්‍යාපන කොට්ඨාසයේ පාසල්වල අඩක් නිමකළ ගොඩනැගිලි තිබේද;

(iv) එසේ නම්, එම පාසල් හා අදාළ ගොඩනැගිලි පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) මිනු/මෙත් විජය ආදර්ශ පාසල නමින් නව පාසලක් මිනුවන්ගොඩ අධ්‍යාපන කොට්ඨාසයේ අලුතින් ඉදිකිරීමට සැලසුම් කර තිබේද;

(ii) එසේ නම්, ඒ සඳහා වෙන්කර ඇති මුදල කොපමණද;

(iii) 6 සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන පාසලක් ඉදිකිරීම සඳහා මෙම ප්‍රතිපාදන ප්‍රමාණවත්ද;

(iv) මෙම පාසලේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරනු ලබන කාලය කොපමණද;

(v) ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට අපේක්ෂා කරන ආකාරය ‍කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-11-16

අසන ලද්දේ

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks