පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1964/’17
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්තමානයේ කුකුළු කර්මාන්තයේ නිරත වී සිටින සමහර ගොවිපළ හිමියන් “බැටරි කේජ්” නමින් නව ක්‍රමයට කුකළන් ඇති කරන බව දන්නේද;
(ii) එම ක්‍රමය මඟින් කුකුළන් දැඩි හිංසාවකට ලක්වන බව පිළිගන්නේද;
(iii) මෙම ක්‍රමය තහනම් කිරීම සඳහා පියවර ගන්නේද;
(iv) මෙම ක්‍රමය තුළින් දේශීය වෙළඳපළට අධික බිත්තර සැපයුමක් ඇති වන බැවින්, බිත්තර මිල පහත වැටීමේ අවදානමක් මතුවන බව පිළිගන්නේද;
(v) එසේ නම්, දේශීය බිත්තර නිෂ්පාදකයන් ආරක්ෂා කිරීමට හා ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-11-15
අසන ලද්දේ
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.
අමාත්‍යාංශය
ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ඔව්. මෙය නව ක්‍රමයක් නොවන අතර, 1990 දශකයේ සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ක්‍රමයකි.
(ii) එක් බැටරි කේජයක් තුළ ඇති කරන සතුන් සංඛ්‍යාව අනුව කුකුළන් දැඩි හිංසාවකට ලක් වේද යන්න තීරණය වේ.
(iii) තහනම් කිරීමක් සිදු නොකරන අතර, සතුන්ට පීඩාවක් නොවන අයුරින් නිසි ප්‍රමිති පාලනයක් ඇති කිරීමට යෝජිත වේ.
(iv) නැත. බිත්තර නිෂ්පාදනය වැඩිවීමට හේතුව බැටරිකේජ පාලන ක්‍රමයම පමණක් නොවේ.
(v) මේ වන විට අප රටේ ඒක පුද්ගල බිත්තර පරිභෝජනය වසරකට 108ක් පමණ වේ. නමුත්, දියුණු රටවල මෙම අගය 250ට වැඩි අගයක් ගනී. මන්දපෝෂණ තත්ත්වය වළක්වා ගැනීම සඳහා අඩුම වියදමකින් වැඩිම අත්‍යවශ්‍ය ප්‍රෝටීන ප්‍රමාණයක් ලබා ගත හැකි බිත්තර පරිභෝජනය ඉහළ නැංවීමට කටයුතු කළ යුතු අතර, ඒ සඳහා ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් පවතී. බිත්තරයක නිෂ්පාදන වියදම අඩු කිරීමට ද, බිත්තර අපනයනය කිරීමට ඇති හැකියාව ද සොයා බලමින් පවතී.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2017-11-15
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අමීර් අලි සිහාබ්දින් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks