01

E   |     |  

 දිනය: 2017-10-20   පිළිතුර ලබා දී ඇත 

1963/2017: ගුරු සහායකයන්ගේ රැකියා සුරක්ෂිත කිරීම : වැලිඔය අධ්‍යාපන කලාපය

1963/’17

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2007 වර්ෂයේ සිට, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුයුක්තව වැලිඔය අධ්‍යාපන කලාපයේ ගුරු සහායකයන් ‍ලෙස 29 දෙනෙකු සේවය කරන බවත්;

             (ii)       යුද ගැටුම් පැවති කාලයේ පටන් ඔවුන් දැඩි දුෂ්කරතා මධ්‍යයේ රාජකාරි කටයුතුවල නිරත වුවද, මේ වනතෙක් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කර නොමැති බවත්;

(iii) එම පළාතේ සේවය කළ ස්වේච්ඡා ගුරුවරුන් කැබිනට් අනුමතියකින් ස්ථිර කිරීමට පියවර ගෙන ඇති බවත්;

(iv) එම අනුමතිය මත උතුරු පළාත් සභාව විසින් කොන්ත්‍රාත් පදනම යටතේ සේවය කළ ගුරුවරුන්ද ස්ථිර කිරීමට පියවර ගෙන තිබෙන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) මෙම ගුරු සහයකයන්ගේ රැකියා සුරක්‍ෂිත කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-10-20

අසන ලද්දේ

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)            (i)        ඔව්.

              (ii)      ඔව්.

              (iii)       ඔව්.

              (iv)         මේ සඳහා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු ගරු අමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කොට ඇත. (ඇමුණුම 01**)

(ආ)      ඔව්.

           අංක 16/2626/742/040 - 1 හා 2017.01.18 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයේ (II) (ආ) අනුව (ඇමුණුම 02**) අතිගරු ජනාධිපතිතුමා විසින් මේ සම්බන්ධයෙන් ලබා දී ඇති නිරීක්ෂණවල (I) ජේදයේ (ඇමුණුම 03**) දක්වා ඇති අන්දමට කටයුතු කිරීමට හැකි වන පරිදි, එකී පළාත්වල සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබන ගෙවීම් මත ඉගැන්වීම් කටයුතුවල නිරත පුද්ගලයින් තම නිත්‍ය තනතුරුවල සේවාවන්හි නැවත යෙදවීම සඳහා මුදා හැරීමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇති බැවින් මොවුන්ගේ රැකියාවල සුරක්ෂිතභාවය පිළිබඳ ගැටලුවක් පැන නොනඟී.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2017-10-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks