01

E   |     |  

 දිනය: 2017-11-15   පිළිතුර ලබා දී ඇත 

1960/2017: Compensation to Flood and Earth-Slip victims 2017

1960/’17

ගරු පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය,— ආපදා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      2017 මැයි මස 26 දින සිට ජූනි මස 05 දින දක්වා ඇතිවූ ගංවතුර හා නායයාම් හේතුවෙන්,

              (i)       මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් ලබාදෙන වන්දි මුදල;

            (ii)       සම්පූර්ණයෙන් හා අර්ධ වශයෙන් හානිවූ නිවාස සඳහා ලබාදෙන වන්දි මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) නිවාස ගංවතුරින් යටවීම හේතුවෙන් සියලු දේපල අහිමි වූ නිවෙස් හිමියන් සඳහා ලබාදෙන වන්දි මුදල කොපමණද;

 

 

(iv) එම වන්දි මුදල් ලබාදීමට ගතවන කාලය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-11-15

අසන ලද්දේ

ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

----

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks