පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0443/’10
ගරු එම්. ටී. හසන් අලි මහතා,— ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) ගාල්ල, කනම්පිටිය පාර, ජෙමීල් මාවතේ, අංක 97/46 බී දරන නිවසේ පදිංචි එම්. එෆ්. එම්. ගෆුර් මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ ආදායම අධි තක්සේරු කොට ප්‍රදේශයේ සමෘද්ධි සංවර්ධන නිලධාරි විසින් කරුණු ඉදිරිපත් කිරීම නිසා පසුගිය වකවානුවේ ඔවුන්ට ලබා දී තිබූ සමෘද්ධි සහනාධාර කපා හැර ඇති බව එතුමා දන්නෙහිද?
(ආ) (i) ජීවත්වීමට ස්ථිර ආදායම් මාර්ගයක් හෝ නොමැතිව දිළිඳු භාවයෙන් පෙළෙන රෝගී දරුවෙකු ඇතුළු ගෆුර් මහතාගේ පවුලේ සාමාජිකයන්‍ට සමෘද්ධි සහනාධාර මෙතෙක් ලබා නොදීමට හේතු කවරේද;
(ii) ගෆුර් මහතා සහ එම පවුලේ සාමාජිකයන්ට නොපමාව සමෘද්ධි සහනාධාර ලබා දීමට පියවර ගන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-10-08
අසන ලද්දේ
ගරු ගරු එම්. ටී. හසන් අලි මහතා, පා.ම., මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks