01

E   |     |  

 දිනය: 2017-10-17   පිළිතුර ලබා දී ඇත 

1873/2017: ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියට අයත් තනතුරු: විස්තර

1873/’17

ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ විශේෂ, I, II සහ III වැනි ශ්‍රේණි සඳහා අනුමත සේවක සංඛ්‍යාව (Cadre) සහ මේ වනවිට සේවයේ නියුතු නිලධාරින් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)     ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ,

(i) විශේෂ ශ්‍රේණියට අයත් තනතුරු කවරේද;

(ii) මේ වනවිට එම තනතුරුවල සේවයේ නියුතු නිලධාරින්ගේ නම් සහ ඔවුන්ගේ සේවාවන් කවරේද;

(iii) I වැනි ශ්‍රේණියට අයත් තනතුරු කවරේද;

(iv) මේ වනවිට එම තනතුරුවල සේවයේ නියුතු නිලධාරින්ගේ නම් සහ ඔවුන්ගේ සේවාවන් කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-10-17

අසන ලද්දේ

ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       ඔව්.

           ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ විශේෂ I, II සහ III වැනි ශ්‍රේණියේ අනුමත සේවක සංඛ්‍යාව සහ මේ වන විට සේවයේ නියුතු නිලධාරින් සංඛ්‍යාව පහත සඳහන් කරමි.

 

ශ්‍රේණිය

අනුමත තනතුරු සංඛ්‍යාව

සේවයේ නියුතු නිලධාරින් සංඛ්‍යාව

විශේෂ ශ්‍රේණිය

32

29

I ශ්‍රේණිය

151

172

II / III ශ්‍රේණිය III ශ්‍රේණිය (අධිසේවක)

784

579 265

මුළු එකතුව

967

1,045

 

(ආ)         (i)       විශේෂ ශ්‍රේණියට අයත් තනතුරු

                        සටහන I මඟින් ඉදිරිපත් කරමි.

(ii) ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරින්ගේ නම් සහ ඔවුන්ගේ සේවාවන් සටහන II මඟින් ඉදිරිපත් කරමි.

(iii) I ශ්‍රේණියට අයත් තනතුරු

සටහන III මඟින් ඉදිරිපත් කරමි.

(iv) ඔව්.

ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ I ශ්‍රේණියේ නිලධාරින්ගේ නම් සහ ඔවුන්ගේ සේවාවන් සටහන IV මඟින් ඉදිරිපත් කරමි. සටහන I, II, III සහ IV සභාගත කරන්නම්.

(ඇ) ඉහත අනුව පැන නොනඟී. 

පිළිතුරු දුන් දිනය

2017-10-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සුසන්ත පුංචිනිලමේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks