01

E   |     |  

 දිනය: 2018-04-05   පිළිතුර ලබා දී ඇත 

1740/2018: Elephants died or wounded

1740/’17

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      වර්ෂ 2010 සිට 2014 දක්වා අලි - මිනිස් ගැටුම හේතුවෙන් මියගිය අලි ඇතුන් සංඛ්‍යාව, එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

            (ii)      එසේ මියගිය අලි ඇතුන් මියගිය ස්ථාන කවරේද;

(iii) එම කාල සීමාව තුළ බරපතල තුවාල ලැබූ හා අසාධ්‍ය තත්ත්වයට පත් වූ අලි ඇතුන් සංඛ්‍යාව කොපමණද;

(iv) වත්මන් යහපාලන රජය යටතේ අලි ඇතුන්ගේ මරණ සංඛ්‍යාව හා අලි මිනිස් ගැටුම අවම කිරීමට අමාත්‍යාංශය ගන්නා පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2018-04-05

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

තිරසර සංවර්ධන හා වනජීවි

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks