01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

1737/2017: Project to give school bags to the School children initiated by the CM - Uva- audit query

1737/’17

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      2015 වර්ෂයේ ඌව පළාතේ පාසල් සඳහා පාසල් පොත් බෑග් බෙදාහැරීමේ වැඩසටහන සම්බන්ධයෙන් 2016.09.30 දිනැති විගණන විමසුමක් ඉදිරිපත්වී තිබෙන බව එතුමා දන්නේද;

            (ii)      ‍එසේ නම්, එම විගණන විමසුමේ අංක 2 යටතේ නි‍රීක්ෂණයට ලක් වී ඇති කරුණු කවරේද;

(iii) එම විගණන විමසු‍මේ 2.2.1, 2.2.2, 2.2.3, 2.2.4 සහ 2.2.5 යන කොටස් යටතේ දැක්වෙන කරුණු කවරේද;

(iv) එම විගණන විමසුමේ දැක්වෙන අක්‍රමිකතාවලට සම්බන්ධ නිලධාරින්ට හා ආයතනවලට එරෙහිව පියවර ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-12-05

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks