01

E   |     |  

 දිනය: 2017-07-06   පිළිතුර ලබා දී ඇත 

1731/2017: මඩකළපුව කළපුවෙහි මඩ කැණීමේ ව්‍යාපෘතිය: යළි ඇරඹීම

1731/’17

ගරු සෙය්යිඩ් අලී සාහිර් මවුලානා මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      1980 වර්ෂයේදී මඩකළපුව කළපුවෙහි වැලිපරය ආසන්නයෙහි මඩ කැණීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වූ බවත්;

(ii)     ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම ව්‍යාපෘතිය අතරමැද දී නවතා දැමූ බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) මුහුද සහ කලපුව සම්බන්ධ කෙරෙන මුවදොර වාර්ෂිකව වසා දැමීමට සිදු නොවීම;

(ii) කලපු ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයන්හට මුලු අවුරුද්ද පුරාම ප්‍රතිලාභ ලැබීමට හැකිවීම;

(iii) ගැඹුරු මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදෙන බෝට්ටුවලට සහ ට්‍රෝලර් යාත්‍රාවන්ට නැංගුරම් ලෑම සඳහා කළපුව වෙත පහසු ප්‍රවේශය;

(iv) ගංවතුර ඉතා ඉක්මනින් මුහුද වෙත ඇදෙන බැවින් ගංවතුර කාලයේදී වී වගාකරන කුඹුරුවලට හානි සිදු නොවීම;

(v) ගංවතුර ඉතා පහසුවෙන් මුහුද වෙත ඇදී යාම නිසා රජය මඟින් සිදුකළ යුතු ගංවතුර සහන කටයුතු අවම වීම;

යන ප්‍රතිලාභයන් මෙම ව්‍යාපෘතියෙහි ප්‍රතිඵලයක් ලෙස ලැබෙන බවත්, එතුමා දන්නෙහිද?

(ඇ) (i) මෙම ව්‍යාපෘතිය නැවත ඇරඹීමට පියවර ගෙන තිබේද;

 (ii) එසේ නම්, ඒ කවදාද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-07-06

අසන ලද්දේ

ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා, පා.ම.

අමාත්‍යාංශය

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      ඔව්.

(ආ)     (i), (ii), (iii), (iv) හා (v)  ඔව්. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ නම් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගත හැකිව තිබුණි.           

(ඇ)         (i)      නැත.

              (ii)      පැන නොනඟී.

(ඈ)     දැනට මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට කටයුතු කර නැත. කෙසේ වුවද, ධීවර ප්‍රජාවගේ අවශ්‍යතාවන් මත ශක්‍යතා අධ්‍යයනයකින් පසුව මේ පිළිබඳ තීරණයක් ගැනීම සුදුසු බව සිතමි. එසේ නොමැතිව මෝයකට විවෘත කළහොත් පාරිසරික ගැටලු ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව පූර්ණ හා විද්‍යාත්මක අධ්‍යයනයක් කළ යුතු වේ.

 

පිළිතුරු දුන් දිනය

2017-07-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිලිප් වෙදආරච්චි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks