01

E   |     |  

 දිනය: 2017-08-11   පිළිතුර ලබා දී ඇත 

1711/2017: සිවිල් ආරක්ෂක කලාප: අනුරාධපුර දිස්ත්‍රික්කය

1711/’17

ගරු ශෙහාන් සේමසිංහ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)      අනුරාධපුර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සිවිල් ආරක්ෂක කලාප සංඛ්‍යාව කොපමණද;

             (ii)      එක් එක් කලාපවලට අනුයුක්ත කර ඇති සිවිල් ආරක්ෂක නිලධාරින් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) මෙම දිස්ත්‍රික්කයේ තෝරාගත් සිවිල් ආරක්ෂක කලාපවල සංගීත සංදර්ශන පැවැත්වූ බව දන්නේද;

(ii) එසේ නම්, ඒ පිළිබඳ විස්තර කවරේද;‍

(iii) එක් සිවිල් ආරක්ෂක සේවා නිලධාරියෙකු විසින් සංගීත සංදර්ශන ටිකට්පත් 20ක් අනිවාර්යෙන් අලෙවි කළ යුතු වූ බව දන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-08-11

අසන ලද්දේ

ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)      (i)    05කි.

              (ii)   

කලාපය

සිවිල් ආරක්ෂක නිලධාරින් සංඛ්‍යාව

1.  අනුරාධපුර

    2466

2.  කැබිතිගොල්ලෑව

    1769

3.  හොරොව්පතාන

      917

4.  විල්පත්තුව

    1999

5.  වැලිඔය

    1939

(ආ)     (i)      ඔව්.

                 (ii)     

සිවිල් ආරක්ෂක කලාපය

සංගීත සංදර්ශනය

පවත්වන ලද

 

දිනය

ස්ථානය

වැලිඔය

2016.08.27

පදවි පරාක්‍රමපුර ක්‍රීඩාංගණය

කැබිතිගොල්ලෑව

2017.02.11

මෛත්‍රීපාල සේනානායක ක්‍රීඩාංගණය

අනුරාධපුර

2017.02.25

රඹෑව මහ විද්‍යාල ක්‍රීඩාංගණය

විල්පත්තුව

2017.01.01

පේමඩුව සිද්ධාර්ථ විද්‍යාලයීය ක්‍රීඩාංගණය

හොරොව්පතාන

2017.03.11

රුවන්වැලි මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණය

                        ඉහත සංගීත සංදර්ශන පැවැත්වීමෙන් ලද ලාභය ලෙස රුපියල් 9,921,916.40ක මුදලක් ඒකාබද්ධ අරමුදලට බැර කර ඇත.

  (iii) ඔව්.

මෙම සියලු සංගීත සංදර්ශන සිවිල් ආරක්ෂක බලකාය මුල් කරගෙන සිදු කළ බැවින් ඉහත බලකාවල සෑම භටයෙකු විසින්ම ටිකට් පත් අළෙවි කිරීම සිදු කර ඇත.

2017.06.01 දින සිට සංගීත සංදර්ශන පැවැත්වීමට අවශ්‍ය ටිකට් පත් අළෙවිය සඳහා සිවිල් ආරක්ෂක භටයන්/භටවරියන් යොදා නොගැනීමට තීරණය කර ඇත.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2017-11-13

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රුවන් විජයවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks