01

E   |     |  

 දිනය: 2010-10-07   පිළිතුර ලබා දී ඇත 

0420/2010: Stores - 175 C- Vauxhall Street

0420/'10

ගරු රුවන් රණතුංග මහතා,—  රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත්, වොක්ෂෝල් වීදියේ, අංක. 175 සී කොටසෙහි පිහිටි වර්ග අඩි 4536 ක ගබඩාව කොළඹ 03, ආර්. ඒ. ද මැල් මාවතේ, අංක 345 දරන ස්ථාන‍යේ පිහිටි ග්ලෝබල් ‍ටී බෑගස් සමාගමට රු.58968/- ක මාසික කුලියට  බදු දී ඇති බව එතුමා දන්නෙහිද?

(ආ) (i) අදාළ බදු ගිවිසුම සඳහා රජයේ තක්සේරු වාර්තාව හා අමාත්‍ය මණ්ඩල අනුමතිය ලබාගෙන තිබේද;

(ii) අදාළ බදුකරුවන් විසින් බදු ගිවිසුමට අනුව නීත්‍යානුකූලව කටයුතු කර තිබේද;

(iii) එසේ නොමැති නම්, ඊට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද; 

(iv) බදුකරු නීත්‍යානුකූලව කටයුතු කර නැත්නම්, අදාළ ගබඩාව නැවත ජනතා වතු සංවර්ධන මණ්ඩලය වෙත පවරා ගැනීමට කටයුතු කරන්නේද;

(v) එසේ නීත්‍යානුකූලව කටයුතු කර නොමැති නම්, ඒ පිළිබඳ වග කිවයුත්තෝ කවරුන්ද;

(vi) ඔවුන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-10-07

අසන ලද්දේ

ගරු ගරු රුවන් රණතුංග මහතා, පා.ම., මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks