පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) ශ්‍රී ලංකාවේ අධ්‍යාපන විද්‍යාපීඨවල පවත්වනු ලබන පාඨමාලා සංඛ්‍යාව සහ ඒවායේ නම්, එක් එක් මාධ්‍යය අනුව කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මඩකලපුව අධ්‍යාපන විද්‍යාපීඨයේ පවත්වනු ලබන පාඨමාලාවල නම් කවරේද;
(ii) එක් එක් පාඨමාලාව තුළ පුහුණුව ලබන අභ්‍යාසලාභීන් සංඛ්‍යාව කවරේද;
(iii) මඩකලපුව අධ්‍යාපන විද්‍යාපීඨය තුළ පැවැත්විය හැකි අනිකුත් දෙමළ මාධ්‍ය පාඨමාලා එම විද්‍යාපීඨය තුළ නොපැවැත්වීමට හේතුව කවරේද;
(iv) මඩකලපුව අධ්‍යාපන විද්‍යාපීඨයෙහි පැවැත්වීමට ශක්‍යතාවක් ඇති අනිකුත් දෙමළ මාධ්‍ය පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගැනීමට පියවර ගන්නේද;
(v) එවැනි පාඨමාලා ආරම්භ කිරීම සඳහා සුදුසු දේශකවරුන් නොමැත්තේද;
(vi) එසේ නම්, එවැනි කාණ්ඩයේ අවශ්‍ය දේශකවරුන් පත්කිරීමට පියවර ගනු ලබන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-08-22
අසන ලද්දේ
ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ඔව්.
පාඨමාලා සංඛ්‍යාව 25කි. (ඇමුණුම 01*)
(ආ) (i) 01. ප්‍රාථමික අධ්‍යාපනය
02. විද්‍යාව
03. නාට්‍ය හා රංග කලාව
04. ශාරීරික අධ්‍යාපනය
05. චිත්‍ර
06. තාක්ෂණ අධ්‍යාපනය /ශිල්ප කලා
07. නිර්මාණ හා ඉදිකිරිම් තාක්ෂණවේදය/නිර්මාණකරණය හා යාන්ත්‍රික තාක්ෂණවේදය/නිර්මාණකරණය හා විදුලි තාක්ෂණවේදය
මෙම සියලු පාඨමාලා දෙමළ මාධ්‍යයෙන් පවත්වනු ලබයි.
(ii)
|
විෂයය |
මාධ්‍යය |
පළමු වසර |
දෙවන වසර |
|
1. ප්‍රාථමික අධ්‍යාපනය |
දෙමළ මාධ්‍ය |
30 |
28 |
|
2. විද්‍යාව |
දෙමළ මාධ්‍ය |
50 |
42 |
|
3. නාට්‍ය හා රංග කලාව |
දෙමළ මාධ්‍ය |
30 |
15 |
|
4. ශාරීරික අධ්‍යාපනය |
දෙමළ මාධ්‍ය |
50 |
47 |
|
5. චිත්‍ර |
දෙමළ මාධ්‍ය |
15 |
12 |
|
6. තාක්ෂණ අධ්‍යාපනය / ශිල්ප කලා |
දෙමළ මාධ්‍ය |
15 |
15 |
|
7. නිර්මාණ හා ඉදිකිරිම් තාක්ෂණවේදය/නිර්මාණකරණය හා යාන්ත්‍රික තාක්ෂණවේදය/ විදුලි තාක්ෂණවේදය |
දෙමළ මාධ්‍ය |
45 |
46 |
|
එකතුව |
|
235 |
205 |
(iii) මඩකළපුව විද්‍යා පීඨයේ පවත්නා භෞතික හා මානව සම්පත් පහසුකම් ධාරිතාව මත පැවැත්වීමට හැකියාවක් ඇති බවට තීරණය කර ඇති දෙමළ මාධ්‍ය පාඨමාලා සංඛ්‍යාව 07කි.
පවත්නා පාඨමාලා ක්‍රියාත්මක කිරීමට පවා අවශ්‍ය වන දෙමළ මාධ්‍ය ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරින් වර්තමානයේද ප්‍රමාණවත් නැත.
මෙම පාඨමාලා සංඛ්‍යාව ඉහළ දමන්නේ නම් ප්‍රථමයෙන් අවශ්‍ය වන භෞතික හා මානව සම්පත් අවශ්‍යතා ඉහළ නැංවිය යුතු වේ.
(iv) මනා කළමනාකාරිත්වයෙන් යුතුව දැනට පවතින ඉඩ හා පහසුකම් ප්‍රමාණය අනුව බඳවා ගන්නා සංඛ්‍යාව වැඩි කර ඇත. සෑම පාඨමාලාවම එම විද්‍යා පීඨයේ ආරම්භ කිරීම ප්‍රායෝගිකව අපහසුය. එවැනි අවස්ථාවක් සම්පාදනය කිරීමේ අවශ්‍යතාවන් මේ වන විට පැනනැඟී නොමැත. ඊට හේතු වනුයේ විද්‍යා පීඨවල බඳවා ගත හැකි ධාරිතාව, සකසා ගත හැකි භෞතික හා මානව සම්පත් ප්‍රමාණය ආදී කරුණු සැලකිල්ලට ගනිමින් අදාළ පාඨමාලා මාධ්‍ය වශයෙන් දිවයින පුරා පිහිටි විද්‍යාපීඨ 19 තුළ ස්ථානගත කර තිබීමයි. (ඇමුණුම 02*)
(v) පාඨමාලා ආරම්භ කිරීමට සුදුසු සහ ප්‍රමාණවත් දේශකවරුන් නොමැති අතර, දීර්ඝ කාලයක් බඳවා ගැනීම් නොකිරීම නිසා ඇතිවී තිබෙන ගුරු අධ්‍යාපනඥ සේවයේ පුරප්පාඩු පිරවීමට මේ වන විට කටයුතු කරමින් පවතී.
(vi) ඔව්.
ගුරු අධ්‍යාපනඥ සේවයේ දැනට පවතින පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් සිදුකිරීමට අයදුම්පත් කැඳවා, විභාග පවත්වා, විභාගයෙන් සමත් පිරිස අතරින් සුදුස්සන් තෝරාගැනීම් කිරීමට සම්මුඛ පරීක්ෂණයන්ද 2017 වසරේදී පවත්වා අවසන් කර ඇත.
ඉන් සමත් වන අය සඳහා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව මෙම පුරප්පාඩු පිරවීමට ක්‍රියා කළ හැක.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-08-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) වී.එස්. රාධක්‍රිෂ්ණන් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks