01

E   |     |  

 දිනය: 2017-09-22   පිළිතුර ලබා දී ඇත 

1643/2017: මධ්‍යම රජය ඌව පළාත් සභාවට ලබා දුන් මුදල: විස්තර

1643/’17

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)      වත්මන් යහපාලන රජය බලයට පත්වීමෙන් පසු මේ දක්වා,

             (i)       මධ්‍යම රජය විසින් ඌව පළාත් සභාවට ලබා දුන් මුදල;           

            (ii)       ඌව පළාත් සභාව විසින් පුනරාවර්තන වියදම් ලෙස වෙන් කළ මුදල් ප්‍රමාණය ලබා දුන් මුළු මුදලෙහි ප්‍රතිශතයක් ලෙස;

(iii) පුනරාවර්තන වියදම් යටතේ සිදු කර ඇති  කටයුතු;

(iv) ප්‍රාග්ධන වියදම් වශයෙන් වෙන් කළ මුදල් ප්‍රමාණය, ලබා දුන් මුළු මුදලෙහි ප්‍රතිශතයක් ලෙස;

(v) ප්‍රාග්ධන වියදම් යටතේ සිදු කර ඇති කටයුතු;

එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-09-22

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      

   විස්තරය

   2015

2016

  2017.06.30 දක්වා

පුනරාවර්තන වියදම් සඳහා ලබා දුන් මුදල

 

16,237,468,000.00

 

  16,422,341,000.00

 

 7,941,340,000.00

මූලධන වියදම් සඳහා ලබාදුන් මුදල

 

  2,882,574,171.20

 

  2,165,497,770.00

 

  1,988,000,000.00

මුළු එකතුව

 19,120,042,171.20

  18,587,838,777.00

  9,929,340,000.00

       (ii)      

වර්ෂය

 

වෙන් කළ මුදල

ලබාදුන් මුදල

ප්‍රතිශතය

2015

පුනරාවර්තන

16,237,468,000.00

16,237,468,000.00

100%

2016

පුනරාවර්තන

16,422,341,000.00

16,422,341,000.00

100%

2017.06.30 දිනට

පුනරාවර්තන ඇස්තමේන්තු ප්‍රතිපාදන

15,898,711,000.00

7,941,340,000.00

50%

     (iii)        පුනරාවර්තන වියදම් යටතේ සිදු කර ඇති කටයුතු ඇමුණුම 01හි සඳහන් කර ඇත.

             (iv)      

වර්ෂය

 

වෙන් කළ මුදල

ලබාදුන් මුදල

ප්‍රතිශතය

2015

ප්‍රාග්ධන

3,709,251,600.00

2,882,574,171.20

77%

2016

ප්‍රාග්ධන

4,044,960,000.00

2,165,497,770.00

53%

2017.06.30 දිනට

ප්‍රාග්ධන (ඇස්තමේන්තුව 2017 වර්ෂය සඳහා)

2,922,040,000.00

1,988,000,000.00

 45%

 

අතිරේක ප්‍රතිපාදන

1,416,480,000.00

 

 

           (v)         ප්‍රාග්ධන වියදම් යටතේ සිදු කර ඇති කටයුතු ඇමුණුම් අංක 02හි සඳහන් කර ඇත.

(ආ)     අදාළ නොවේ.

ඇමුණුම් සභාගත* කරමි. 

 

පිළිතුරු දුන් දිනය

2017-09-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks