04

E   |     |  

 දිනය: 2010-10-20   පිළිතුර ලබා දී ඇත 

0415/2010: Stores - 175 A- Vauxhall Street

0415/’10

ගරු    ටී. රංජිත් ද සොයිසා මහතා,— රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන  අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් ‍කොළඹ, වොක්ෂෝල් වීදියේ, අංක 175 ඒ කොටසෙහි වර්ග අඩි 5,000 ක ගබඩාව, කොළඹ 02, වොක්ෂෝල් වීදිය, අංක 139 හි පිහිටි සමර්විල් කම්පැනි නම් වූ සමාගමට මාසික කුළිය රු. 67,500 ක මුදලකට බදු දී ඇති බව එතුමා දන්නෙහිද?

(ආ) (i) අදාළ බදු ගිවිසුම සඳහා රජයේ තක්සේරු වාර්තාව හා අමාත්‍ය මණ්ඩල අනුමතිය ලබාගෙන තිබේද;

(ii) අදාළ බදුකරු විසින් බදු ගිවිසුමට අනුව නීත්‍යානුකූලව කටයුතු කර තිබේද;

(iii) නීත්‍යානුකූලව කටයුතු කර නැත්නම්, නැවත අදාළ ගබඩාව ජනතා වතු සංවර්ධන මණ්ඩලයට ලබා ගැනීමට කටයුතු කරන්නේද;

(iv) එසේ නොකරන්නේ නම්, ඊට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2010-10-20

අසන ලද්දේ

ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks