පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1606/’17
ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා,— විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ විදුලි පද්ධතිය සුහුරු පද්ධතියක් (Smart Grid) බවට පත්කිරීමට රජය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබේද;
(ii) ශ්‍රී ලංකාවේ විදුලි පද්ධතිය සුහුරු පද්ධතියක් බවට පත්කිරීමෙන් ලබාගත හැකි ප්‍රතිලාභ කවරේද;
(iii) ශ්‍රී ලංකාවේ විදුලි පද්ධතිය විදුලි නිෂ්පාදනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම සුහුරු පද්ධතිය මඟින් සිදු කිරීම සඳහා වැය වන ආයෝජනය කොපමණද;
(iv) එම කටයුතු අවසන් කිරීමට අපේක්ෂා කරනු ලබන වර්ෂය කවරේද;
(v) එම කාර්යය ඉටු කිරීම සඳහා මූල්‍ය ආධාර ලබාදෙන රාජ්‍ය සහ ජාත්‍යන්තර ආයතන කවරේද;
(vi) එකී අරමුණ ඉටු කරගැනීම සඳහා මෙතෙක් ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලබාදී ඇති අරමුදල් ප්‍රමාණය කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-08-11
අසන ලද්දේ
ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්. අපි මුළු රටේම විදුලි පද්ධතිය smart grid එකක් බවට පත් කිරීමට කටයුතු කරනවා.
(ii) ශ්‍රී ලංකාවේ විදුලි පද්ධතිය සුහුරු පද්ධතියක් බවට පත් කිරීමෙන් ලබාගත හැකි ප්‍රතිඵල කිහිපයක් පහත දැක්වේ.
* බෙදා හැරීම් පද්ධතියේ ක්‍රියාකාරීත්වයෙහි විශ්වසනීයත්වය වැඩිදියුණු කෙරේ. (බෙදා හැරීම් ජාලයෙහි පද්ධති මධ්‍යයක බිඳ වැටීම් කාල සීමා දර්ශකය (SAIDI) සහ පද්ධති මධ්‍යයක බිඳ වැටීම් සංඛ්‍යාත දර්ශකය (SAIFI) වැඩිදියුණු කිරිම.)
* පද්ධති ආරක්ෂණය වැඩිදියුණු කිරීම. (දේපළ සහ මිනිස්)
* විදුලිබල සැපයුමෙහි තත්ත්වය වැඩිදියුණු කිරීම.
* ජාලයෙහි බිඳ වැටීම අවම කරමින් පාරිභෝගික සංතෘප්තිය වැඩිදියුණු කිරීම.
* බෙදා හැරීම් හානි අඩු කිරීම (තාක්ෂණික සහ තාක්ෂණික නොවන හානි - losses - දෙවර්ගයම)
* පාරිභෝගිකයින් වෙත නිවැරදි බිල්පතක් නිසි වේලාවට ලබා දීම.
ඒ කියන්නේ, එය automated; දැන් telephone bill එකක් ලැබෙන ආකාරයේ බිල් පතක් ලැබෙනවා.
* ජාල නඩත්තු මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම.
* බිඳ වැටීම්වල ප්‍රතිසංස්කරණය වේගවත් කිරීම.
(iii) ලංකා විදුලිබල මණ්ඩලයේ බෙදා හැරීම් අංශය මඟින් දැරිය යුතු සම්පූර්ණ ආයෝජනය ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 169ක් වේ. එනමුත්, ජනන සහ සම්ප්‍රේෂණ අංශය මඟින් දැරිය යුතු ආයෝජනය තවම තීරණය කර නොමැත.
ඒ කියන්නේ, අපි මුලින්ම distribution තමයි smart grid එක බවට පත් කරන්නේ. ඊළඟට තමයි ජනන සහ සම්ප්‍රේෂණවලට යන්නේ.
ලංකා විදුලි පෞද්ගලික සමාගම -LECO සමාගම- විසින් ඔවුන්ගේ සම්පූර්ණ පද්ධතිය smart grid එකක් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ සඳහා සම්පූර්ණ ආයෝජනය රුපියල් මිලියන 850ක් ලෙස ඇස්තමේන්තුගත කර ඇත.
(iv) ලංකා විදුලිබල මණ්ඩලයේ බෙදා හැරීම් අංශය සඳහා මුළු පද්ධතියම smart grid එකක් බවට පත් කිරීමට අපේක්ෂා කරන්නේ 2020 වර්ෂයේදීයි. පුළුවන් තරම් ඉක්මනට මෙය කරන්නේ නම් විශාල ප්‍රයෝජන ලබා ගත හැක. අපට තිබෙන සම්පත් ප්‍රමාණයත්, අනිකුත් තාක්ෂණික ගැටලුත් නිසා තරමක් ප්‍රමාද වේ.
ලංකා විදුලි පෞද්ගලික සමාගම සැලසුම් කරන ලද ව්‍යාපෘති අතරින් හඳුනාගත්ත ප්‍රමුඛතා ව්‍යාපෘතිය 2018 වසරේදී අවසන් කිරීමට සැලසුම් කර ඇත. LECO ආයතනය වසර 2ක් තුළ ඔවුන්ගේ සම්පූර්ණ පද්ධතියම smart grid එකක් බවට පත් කරනු ඇත.
(v) ලංකා විදුලිබල මණ්ඩලය වෙත AGENCE FRANCAISE DE DEVELOPPEMENT (AFD) සහ ASIAN DEVELOPMENT BANK (ADB) යන ආයතනය එම කාර්යය සිදු කිරීමට මූල්‍ය දායකත්වය තවදුරටත් වැඩි කරනු ඇත.
(vi) එම අරමුණුවලින් කොටසක් ඉටුකර ගැනීමේ පරමාර්ථය පෙරදැරි කරගෙන ලංකා විදුලිබල මණ්ඩලය පර්යේෂණ සහ සංවර්ධන (R&D) අංශය මඟින් මෙහෙයවනු ලබන සුහුරු මාපක නියමු ව්‍යාපෘතියේ පර්යේෂණ සඳහා දැනට ඇමෙරිකානු ඩොලර් මිලියන 0.8 වෙන් කර තිබේ.
ලංකා විදුලි පෞද්ගලික සමාගම සඳහා රුපියල් මිලියන 167ක් 2017 වසර සඳහා එම සමාගමේ අරමුදලින් වෙන් කර ඇත.
සුහුරු මනු - smart meters - නිෂ්පාදනය කිරීම සඳහා නව කර්මාන්තශාලාවක් - බණ්ඩාරගම Ante LECO Smart Meter Factory - රුපියල් මිලියන 135ක් ආයෝජනයෙන් ඉදි කර ඇත.
ඊට කලින් එතැන කර්මාන්තශාලාවක් තිබුණා. නමුත්, අපි එතැන අලුත් කර්මාන්තශාලාවක් ආරම්භ කළා, අවුරුද්දකට smart meter මිලියනයක ධාරිතාවක් හදන්න පුළුවන් විධියට. ඊට අමතරව වැඩිපුර ප්‍රමාණය පිට රට යැවීමට අපේක්ෂා කරනවා.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-08-11
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks