පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1589/’17
ගරු බිමල් රත්නායක මහතා,— ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) කුරුණෑගල සිට හබරණ දක්වා නව දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට සැලසුම් කර තිබේද;
(ii) එසේ නම්, සැලසුම සකස් කළ වර්ෂය සහ ඒ සඳහා මූලික වූ තාක්ෂණවේදීන් කවුරුන්ද;
(iii) එම සැලසුමට අනුව හානි සිදුවන ආගමික මධ්‍යස්ථාන, රජයේ ගොඩනැගිලි, පෞද්ගලික ආයතන සහ නිවාස සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) මෙහි මුල් සැලැස්ම ඉබ්බාගමුව, දඹුල්ල ඇතුළු ප්‍රදේශවලින් වෙනස් කළේද;
(v) එසේ නම්, එම වෙනස සිදු කළ වර්ෂය කවරේද;
(vi) ඒ සම්බන්ධයෙන් අදාළ ජනතාවට දැනුම් දුන්නේද;
(vii) එසේ නම්, ඒ කවර කාලයේද;
(viii) එම ජනතාව සමඟ එකඟතාවයකට පැමිණියේද;
(ix) එම වෙනස සිදු කළ හේතුව කවරේද;
(x) මෙම වෙනසට භාජනය වූ දුර ප්‍රමාණය කොපමණද;
(xi) මුල් සැලැස්ම හා සංසන්දනාත්මකව දෙවැනි සැලැස්මෙන් ඉබ්බාගමුව හා දඹුල්ල ප්‍රදේශ තුළ සිදුවන දේපළ හානිය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(xii) දෙවැනි සැලැස්ම සකස් කළ තාක්ෂණ කමිටු සාමාජිකයන් කවුරුන්ද;
(xiii) මෙම සැලසුම් දෙක සකස් කිරීම සඳහා මෙතෙක් කර ඇති වියදම වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-09-08
අසන ලද්දේ
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) 2009 වර්ෂයේ දී ශක්‍යතා අධ්‍යයන සිදු කර ඇත. එම අධ්‍යයනය ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය විසින් සිදුකර ඇත. ශක්‍යතා අධ්‍යයනයට අමතරව ඉදිකිරීම් සඳහා සැලසුම් සකස් කිරීමක් සිදුකර නොමැත.
(iii) ශක්‍යතා අධ්‍යයනයෙන් පසු ඉදිරි ඉංජිනේරු සැලසුම් සකස් කර ඉඩම් පවරා ගැනීමේ කටයුතු සම්පූර්ණ නොකිරීම නිසා ආගමික මධ්‍යස්ථාන, රජයේ ගොඩනැගිලි, පෞද්ගලික ආයතන සහ නිවාස සංඛ්‍යාව වෙන් වෙන්ව හඳුනා ගෙන නොමැත. දළ වශයෙන් ගොඩනැගිලි 450ක් ඉවත් කළ යුතු බව ශක්‍යතා අධ්‍යයනයේ දී හඳුනා ගෙන ඇත.
(iv) ඔව්.
(v) 2016 වර්ෂයේ දී.
(vi) ඔව්.
දිස්ත්‍රික් ලේකම්වරු ප්‍රාදේශීය ලේකම්වරු හා රජයේ ආයතන ප්‍රධානින් දැනුවත් කර ඉන් අනතුරුව ග්‍රාම නිලධාරින් මඟින් දුම්රිය මාර්ගය ගමන් ගන්නා මාර්ගය පිළිබඳව ජනතාව දැනුවත් කර ඇත.
(vii) 2016 හා 2017 වර්ෂවල.
(viii) ස්ථාන කිහිපයකින් පැන නැඟුණු ජනතා විරෝධ සලකා බලා ජනතා නියෝජිතයන්, විවිධ සංවිධානවල නියෝජිතයන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සාකච්ඡා කර පැන නැඟුණු කරුණුවලට විසඳුම් ලබා දෙමින් සැලසුම් සකස් කරමින් පවතී.
(ix) මුල් අවස්ථාවේදී සිදුකර ඇත්තේ ශක්‍යතා අධ්‍යයනය පමණක් බැවින් ඉංජිනේරු සැලසුම් සකස් කිරීම සඳහා දුම්රිය ඉංජිනේරුවරුන් විසින් ක්ෂේත්‍ර පරීක්ෂා සිදු කිරීමේදී විහාරස්ථාන, පල්ලි, පාසල්, වැව් හරහා සහ ආසන්නව දුම්රිය මාර්ග පථය සැලසුම් වී තිබුණු බැවින් සහ තාක්ෂණික කරුණු කිහිපයක් මතද දුම්රිය මාර්ග පථය වෙනස් කිරීමට සිදුවිය.
(x) මෙම වෙනස ඉබ්බාගමුව ප්‍රදේශයේ දී කිලෝමීටර් 8ක ප්‍රදේශයක් ද, දඹුල්ල ප්‍රදේශයේ දී කිලෝමීටර් 10ක ප්‍රදේශයක් ද වේ.
(xi) ඉබ්බාගමුව ප්‍රදේශයේ මුල් සැලැස්ම අනුව ගොඩනැගිලි 171 ඉවත් කිරීමට සිදුවන අතර, දෙවන සැලැස්මට අනුව එම සංඛ්‍යාව 102කි. දඹුල්ල ප්‍රදේශයේ දී මුල් සැලැස්මට අනුව ගොඩනැගිලි 125ක් ඉවත් කිරීමට සිදුවන අතර, දෙවන සැලැස්මට අනුව එම සංඛ්‍යාව 111කි.
(xii) • එච්.එම්.ටී.එන්. නාලක බණ්ඩාර /අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්)
• ජේ. උදයකුමාර් /අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී (යටිතල පහසුකම්)
• එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර/නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරු (මාර්ග හා කර්මාන්ත) - ශ්‍රී ලංකා දු.දෙ.
• වී.සී.ඊ.ඩී. ජයසේකර /නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරු(සංඥා) ශ්‍රී ලංකා දු.දෙ.
• පී.ජේ. පේමතිලක /අතිරේක දිස්ත්‍රික් ඉංජිනේරු (උතුරු මැද) - ශ්‍රී ලංකා දු.දෙ.
• එම්.එම්.එන්.එස්. කුමාර /සහකාර ලේකම් (ජනාධිපති ලේකම් කාර්යාලය)
• එස්.වී. හේමන්ත කුමාර /අධ්‍යක්ෂ (සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව, මහා භාණ්ඩාගාරය)
• එල්.වී.එස්. වීරකෝන් /ව්‍යාපෘති අධ්‍යක්ෂ / මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය (CEP iii)/ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය
• ටී.එස්.එච්. අබේවික්‍රම මිය / ව්‍යාපෘති අධ්‍යක්ෂ / මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය (CEP iv)/ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය
• එස්.ඕ.එම්.ටී. නානායක්කාර මිය /ගණකාධිකාරී / ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය
(xiii) ශක්‍යතා අධ්‍යයනය සඳහා රුපියල් මිලියන 15.50ක් වියදම් වී ඇති අතර, දෙවන මැනුම සඳහා රුපියල් මිලියන 14.59ක් මිනින්දෝරු දෙපාර්තමේන්තුව වෙත ගෙවා ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-09-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks