01

E   |     |  

 දිනය: 2017-06-22   පිළිතුර ලබා දී ඇත 

1587/2017: සබරගමුව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය: මගී ප්‍රවාහන බලපත්‍ර

1587/’17

ගරු සන්දිත් සමරසිංහ මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2015 වර්ෂයේ සිට මේ දක්වා සබරගමුව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මඟින් ලබා දී ඇති මගී ප්‍රවාහන බලපත්‍ර සංඛ්‍යාව කොපමණද;

            (ii)       එම බලපත්‍ර ලබාගත් පුද්ගලයන්ගේ නම් සහ ලිපිනයන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) මගී ප්‍රවාහන බලපත්‍ර නොමැතිව සබරගමුව පළාතේ බස් රථ ධාවනය වන බවත්;

(ii) එමඟින් සබරගමුව මගී ප්‍රවාහන අධිකාරියට විශාල පාඩුවක් සිදුවන බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ඇ) මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශය ගනු ලබන පියවර කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-06-22

අසන ලද්දේ

ගරු සන්දිත් සමරසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      සබරගමු පළාත් ප්‍රධාන ලේකම් විසින් එවා ඇති තොරතුරුවලට අනුව, 2015 වර්ෂයේ සිට මේ දක්වා සබරගමු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය කෑගල්ල දිස්ත්‍රික්කයේ                          බලපත්‍ර 13ක් හා රත්නපුර දිස්ත්‍රික්කයේ බලපත්‍ර 32ක් ලබාදී ඇත.

              (ii)      මෙම බලපත්‍ර ලබාගත් පුද්ගලයින්ගේ නම් හා ලිපිනයන් ඇමුණුම් අංක 01 හා 02 යටතේ දක්වා ඇත.

ඇමුණුම් සභාගත* කරමි.

(ආ) (i) සබරගමුව පළාතේ මගී බලපත්‍ර රහිතව මේ වන විට කිසිදු බස්රථයක් ධාවනය නොවේ.

(ii) සබරගමුව පළාතේ මගී බලපත්‍ර රහිතව කිසිදු බස්රථයක් මේ වන විට ධාවනය නොවන බැවින්, කිසිදු පාඩුවක් අධිකාරියට සිදුව නොමැත.

(ඇ) මෙය පළාත් සභාවට අදාළ විෂයයක් වන අතර, අමාත්‍යාංශයට පියවර ගත නොහැකි බැවින්, සබරගමුව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට පහත සඳහන් පියවර ගත හැකිය.

(i) අනවසර බස්රථ ධාවනය වන බවට සැලවූ විගස, නීතිය ක්‍රියාත්මක කරන ආයතනය ලෙස ශ්‍රී ලංකා පොලීසිය වෙත අදාළ තොරතුරු ලබාදීම.

(ii) සබරගමුව මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මාර්ග පරීක්ෂකවරුන් යොදවා, අනවසරයෙන් ධාවනය වන බස්රථ පරීක්ෂා කර දඩ මුදල් අය කිරීමට කටයුතු කරනු ලැබේ.

(ඈ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2017-09-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks