01

E   |     |  

 දිනය: 2017-07-26   පිළිතුර ලබා දී ඇත 

1577/2017: මන්ඩයික්කල්ලාරු පාලම ප්‍රතිසංස්කරණ නොකිරීම : හේතු

1577/’17

ගරු එස්. ශ්‍රීතරන් මහතා,— උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2010 වසරේදී යාපනය - මන්නාරම A-32 මාර්ගය, ප්‍රතිසංස්කරණය කළ බවත්;

            (ii)       එසේ වුවද, එම මාර්ගයේ පුනරින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති මන්ඩයික්කල්ලාරු පාලම ප්‍රතිසංස්කරණය නොකළ බවත්;

(iii) මෙම පාලම ඔස්සේ මන්නාරම, යාපනය, මුලතිව් සහ කිලි‍නොච්චි යන ප්‍රදේශවලට ගමන් කළ යුතු බවත්;

(iv) ඉලුප්පත්කඩවයි, මුලංගාවිල් මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් මෙම මාර්ගය ඔස්සේ යාපනය හා කිලිනොච්චි රෝහල්වලට රැගෙන යාමේදී විශාල ගැටලු මතුවී ඇති බවත්;

(v) පාලම අබලන් වී ඇති බැවින් පසුගිය වර්ෂා කාලවලදී මෙම මාර්ගය ගමන් කිරීමට නොහැකි පරිදි සති කිහිපයක් අවහිර වී තිබූ බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) පාලම ඉදිකරන බවට දැන්වීම් පුවරුවක් සවිකර අවශ්‍ය ද්‍රව්‍ය එහි ගෙනවිත් ඇතත්, මෙතෙක් ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ නොකිරීමට හේතු කවරේද;

(ii) මන්ඩයික්කල්ලාරු පාලම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වෙන්කරන ලද මුදලට සිදු වූයේ කුමක්ද;

(iii) එම මුදල ආපසු හරවා යවා තිබේද;

(iv) එසේ නම්, එයට වගකිවයුත්තේ කවුරුන්ද;

 

 

(v) මෙම පාලම ප්‍රතිසංස්කරණය කරනු ලබන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-07-26

අසන ලද්දේ

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග හා මාර්ග සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      ඔව්.

               (ii)      ඔව්.

              (iii)      මෙම මාර්ගය පහසු මාර්ගය වුවද වෙනත් විකල්ප මාර්ග ද පවතී.

              (iv)       දැනට මෙම ස්ථානයේ පැරණි පාලම වෙනුවට නව පාලමක් ඉදිකිරීම ආරම්භ කර ඇත. ඉදිකිරීම් කටයුතු අවසන් වන තෙක් පැරණි පාලමේ ගමන් කිරීමට සිදුවීම නිසා අපහසුතා ඇති විය හැකිය.

              (v)       2016 නොවැම්බර් මාසයේ සිට පාලමේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇත.

(ආ) (i) 2016 නොවැම්බර් ආරම්භ කර ඇති ඉදිකිරීම් කටයුතු දැනට සිදුවෙමින් පවතී.

(ii) නව පාලමේ ඉදිකිරීම් කටයුතු සඳහාම යොදා ගැනේ.

(iii) නැත.

(iv) අදාළ නොවේ.

(v) මෙම පාලමේ වැඩ කටයුතු 2016 වසරේ නොවැම්බර් මස 24වන දින JICA අරමුදල් යටතේ ආරම්භ කළ අතර, මේ වන විටත් මෙහි කටයුතු සිදු වෙමින් පවතින අතර, 2018 වසරේ අගෝස්තු මස අග වන විට පාලමේ ඉදිකිරීම් කටයුතු නිම කිරීමට නියමිතව ඇත.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2017-07-26

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks