E   |     |  

 දිනය: 2017-07-25   පිළිතුර ලබා දී ඇත 

1576/2017: කිළිනොච්චි දිස්ත්‍රික් මහ රෝහලේ දෙවන අදියර ආරම්භ නොකිරීම : හේතු

1576/’17

ගරු එස්. ශ්‍රීතරන් මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      මුලතිව්, මාන්කුලම, මල්ලාවි, මුලංකාවිල්, පූනහාරි සහ පලෙයි යනාදි ප්‍රදේශවල සිට දිනපතා ප්‍රතිකාර ලබාගැනීම සඳහා රෝගීන් කිළිනොච්චි දිස්ත්‍රික් මහ රෝහල වෙත පැමිණෙන බවත්;

(ii) 2009 වර්ෂයෙන් පසු මෙම රෝහලෙහි කිසිදු ඉදිකිරීම් කටයුත්තක් සිදු කර නොමැති බවත්;

(iii) වකුගඩු රෝගීන් සඳහා රුධිර කාන්දුපෙරණ යන්ත්‍රයක් සවිකර තිබුණද, එය ක්‍රියාත්මක නොවන බවත්;

(iv) හදිසි අනතුරු ඒකකයක්ද නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) එසේ නම්, රුධිර කාන්දුපෙරණ මධ්‍යස්ථානය සහ හදිසි අනතුරු ඒකකය  ක්‍රියාත්මක තත්ත්වයට පත්කරන දිනය කවරේද;

(ii) ඒ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්කර තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) මෙම රෝහලේ පළමු අදියර සඳහා ආසියානු සංවර්ධන බැංකුව ආධාර ලබා දුන් බව දන්නේද;

(ii) දෙවන අදියර මේ දක්වා ආරම්භ නොකිරීමට හේතු කවරේද;

(iii) එය අත්හැර දමා තිබේද;

(iv) නොඑසේ නම්, එය ආරම්භ කරනු ලබන දිනය කවරේද;

(v) ඒ සඳහා ගෙන ඇති පියවර කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-07-25

අසන ලද්දේ

ගරු සිවඥානම් ශ්‍රීතරන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      ඔව්.

              (ii)      කිළිනොච්චි රෝහලේ ඉදි කිරීම් කටයුතු කර ඇත.

             (iii)      ඔව්.

             (iv)      ඔව්.

(ආ)         (i)      රුධිර කාන්දුපෙරණ ඒකකය සඳහා මෙම වර්ෂයේදී වෛද්‍යවරුන් හා හෙද නිලධාරින් අනුයුක්ත කළ වහාම ක්‍රියාත්මක තත්ත්වයට පත් කිරීමට බලාපොරොත්තු වේ. හදිසි අනතුරු ඒකකය සඳහා නෙදර්ලන්ත රජයෙන් ආධාර ලැබී ඇත.

(ii) ඔව්.

(ඇ) (i) ඔව්.

(ii) මේ සඳහා රුපියල් මිලියන 2,500ක් වැය වන අතර, ඒ සඳහා අරමුදල් ඉදිරියේදී ලැබෙනු ඇත. විශේෂයෙන්ම NPB approval  එක තිබෙනවා.

(iii) නැත.

(iv) ප්‍රතිපාදන සපයා ගත් විගස එය ආරම්භ කිරීමට බලාපො‍රොත්තු වේ.

(v) නෙදර්ලන්ත ආධාර ඇතිව උතුරු පළාතේ පිහිටි රෝහල් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය (DRIVE Project) යටතේ ඉහත ව්‍යාපෘතියද ක්‍රියාත්මක කිරීමට බලාපො‍රොත්තු වේ.

(ඈ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2017-07-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks