පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
0407/’10
ගරු ටී. රංජිත් ද සොයිසා මහතා,— ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) රත්නපුර දිස්ත්‍රික්කයේ, රක්වාන මැතිවරණ කොට්ඨාසයේ, ගොඩකවෙල නගරය තුළ ජාතික ජල සම්පාදන මණ්ඩලය මගින් ක්‍රියාත්මක කර ඇති ජල යෝජනා ක්‍රමය ආරම්භ කළ දිනය කවරේද;
(ii) එම ජල යෝජනා ක්‍රමය මඟින් ජලය ලබා දෙන පවුල් සංඛ්‍යාව කොපමණද;
(iii) එමගින් පානීය ජලය සපයන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කවරේද;
(iv) එම ජල යෝජනා ක්‍රමය කඩිනමින් ක්‍රියාත්මක නොකිරීමට හේතු කවරේද;
(v) එම ජල යෝජනා ක්‍රමය අවසන් කරන දිනය කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2010-10-19
අසන ලද්දේ
ගරු ටී. රංජිත් ද සොයිසා මහතා, පා.ම.
අමාත්‍යාංශය
ජලසම්පාදන හා ජලාපවාහන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks