01

E   |     |  

 දිනය: 2017-06-20   පිළිතුර ලබා දී ඇත 

1548/2017: කුඩා වාරිමාර්ග සංවර්ධනය : ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

ගරු ඉම්රාන් මහරූෆ් මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

(අ)          (i)      2012, 2013 සහ 2014 වර්ෂවලදී කුඩා වාරිමාර්ග සංවර්ධනය සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට වෙන් කරන ලද ප්‍රතිපාදන, එක් එක්  ගොවිජන සේවා කොට්ඨාසය සහ වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) එම ප්‍රතිපාදන යොදා ගනිමින් සංවර්ධනය කරන ලද වැව් සහ ඒ සඳහා වැය කළ  මුදල වෙන්‍ වෙන් වශයෙන් කවරේද;

 යන්න එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද?

(ආ) (i) මෙම සංවර්ධන කටයුතු හේතුවෙන් වී අස්වැන්නෙහි ඉහළ යෑමක් සිදුවී තිබේද;

(ii) එසේ නම්, එම ප්‍රමාණය කොපමණද;

(iii) වැය කරන ලද ප්‍රතිපාදනවලට අනුව මෙම නිෂ්පාදන ඉහළ යෑම ප්‍රමාණවත් වන්නේද;

(iv) නොඑසේ නම්, ඒ මන්ද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) උක්ත වර්ෂයන්හිදී දියත් කරන ලද වැඩසටහන් නිවැරදි ආකාරයෙන් සිදු නොවූ බවට ගොවීන් විසින් චෝදනා නඟන බැවින්, මෙම සංවර්ධන කටයුතු පිළිබඳව පසු විපරම් සිදු කර තිබේද;

(ii) එසේ නම්, එම විස්තර කවරේද;

(iii) නොඑසේ නම්, මෙම සංවර්ධන කටයුතු පිළිබඳව පසු විපරම් කිරීමට පියවර ගන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-06-20

අසන ලද්දේ

ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)       (MJ3-ස්කෑන් කර මෙතැනට ඇතුළත් කරන්න.)

                         දිස්ත්‍රික්ක වෙත ප්‍රතිපාදන වෙන් කිරීමේදී ඉදිරිපත්ව ඇති ප්‍රතිසංස්කරණ යෝජනා අනුව වර්ෂය තුළ දිස්ත්‍රික්කය සඳහා වෙන් කරන ලද සමස්ත ප්‍රතිපාදන ප්‍රමාණ එක් එක් මධ්‍යස්ථාන      මට්ටමින් ප්‍රමුඛතාව අනුව හඳුනාගත් කර්මාන්ත සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම කරනු ලැබේ. එම ප්‍රතිපාදන         ප්‍රාදේශීය සංවර්ධන කමිටු හා දිස්ත්‍රික් සංවර්ධන කමිටු තීරණ මත පවතින අවශ්‍යතාව අනුව එක් එක් ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත වෙන් කර ඇති අතර දිස්ත්‍රික්කය වෙත ලබා දී ඇති මුළු ප්‍රතිපාදන ප්‍රමාණය නොඉක්මවන පරිදි අදාළ වර්ෂය තුළ ව්‍යාපෘති ක්‍රියාත්මක කොට වියදම් ද‍රා ඇත.

(ii) ඔව්.  විස්තර ඇතුළත් ලේඛනයක්*  ඇත.

(ආ) (i) සිදු වී ඇත.

(ii) වගා කළ භූමි ප්‍රමාණය හෙක්ටයාර්වලින් දක්වා ඇත.

 

 

අවුරුද්ද

2011

2012

2013

2014

2015

2016

  මහ

 4,615

 5,622

  7,464

3,632

7,186

    8,636

  යල

 2,010

 1,373

  4,861

-

3,821

    3,985

  එකතුව

6,625

6,995

12,325

3,632

11,007

  12,621

2014 / 2015 මහ කන්නයේදී වැසි අධික වීම හේතුකොටගෙන ඇති වූ ගංවතුර තත්ත්වය නිසා මහ කන්නයේදී වගාකළ කුඹුරු ඉඩම් බොහොමයක් හානියට පත් විය. 2014 මහ කන්නයේ වගා කළ භූමි ප්‍රමාණයේ පහළ යෑමට එම හේතුව එය වේ.

2013 / 2014 මහ කන්නය සහ 2014 යල කන්නය තුළදී වැසි නොලැබීම නිසාවෙන් පැවති නියං කාලගුණික තත්ත්වය නිසා යල කන්නයේදී වගා කළ කුඹුරු ඉඩම් හානියට පත් විය. 2014 වර්ෂයේ යල කන්නයේ වගා භූමි ප්‍රමාණය ශුන්‍ය අගයක් ගැනීමට හේතුව එය වේ.

(iii) ප්‍රමාණවත් වේ.

(iv) අදාළ නොවේ.

(ඇ) (i) ඉහත සඳහන් සියලු සංවර්ධන ව්‍යාපෘති ගොවි සංවිධාන හරහා සිදු කරන ලදී. ඒ අනුව අප අමාත්‍යාංශය වෙත හෝ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය වෙත හෝ දිස්ත්‍රික් කාර්යාල වෙත මෙතෙක් කිසිදු පැමිණිල්ලක් හෝ චෝදනාවක් ඉදරිපත් කර නොමැත.

(ii) අදාළ නොවේ.

(iii) අදාළ නොවේ.

(ඈ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2017-09-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks