පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1544/’17
ගරු වාසුදේව නානායක්කාර මහතා,— විදේශ රැකියා අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) අනුරාධපුරයේ පදිංචි, තිදරු මවක් වන සුජානි නමැති කාන්තාව කුවේට් රජයේ සේවයේ නියුතුව සිටියදී ඉතාමත් අමානුෂික අන්දමින් වද හිංසාවට ලක් වී ඇති බවත්;
(ii) එම අමානුෂික වද හිංසා හේතුවෙන් සුෂුම්නාවට දරුණු ලෙස හානි සිදුවී, ඇය කුවේට්හි අඩාන් රෝහලේ 17 වාට්ටුවේ ප්‍රතිකාර ගන්නා බවත්;
එතුමිය දන්නෙහිද?
(ආ) (i) සුෂුම්නාවට හානි සිදුවීම හේතුවෙන් එක්තැන් වී සිටින ඇය වහාම ශ්‍රී ලංකාවට ගෙන්වා ගත යුතු බව පිළිගන්නේද;
(ii) එසේ නම්, ඇයට ලැබිය යුතු වන්දි මුදල්ද සමඟින් වහාම ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-08-10
අසන ලද්දේ
ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදේශ රැකියා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i), (ii) ඔව්. සඳහන් කර ඇති වධ හිංසා සම්බන්ධයෙන් තානාපති කාර්යාලය මඟින් විධිමත් විමර්ශනයක් සිදු කරමින් පවතී.
නමුත්, "අමානුෂික වධහිංසා" කියන කොටස මා ප්‍රතික්ෂේප කරනවා. ඇය අවුරුද්දකට ආසන්න කාලයක් ප්‍රතිකාර ගත්තා. දැනට මේ සම්බන්ධයෙන් කුවේට් රටේ කෙරෙන සියලුම පරීක්ෂණ කටයුතු අවසන් කරලා, ඇයගේ සුෂුම්නාවට වුණු හානියක් නිසා මේ විපත සිද්ධ වුණා කියලා ඒගොල්ලන්ගේ වෛද්‍ය වාර්තාවේ සඳහන් වනවා. ඇය විසින් සියදිවි නසා ගැනීමකට උත්සාහ කරන ලද අවස්ථාවක තුන්වන තට්ටුවෙන් පහළට ඇද වැටිලා මේ බරපතළ තුවාලය ලැබුවා කියන එකත් වාර්තා කර තිබෙනවා.
(ආ) (i) ඔව්.
(ii) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මැදිහත්ව සේවක මහත්මියගේ භාරකරුවන්ගේ ඉල්ලීම මත රුපියල් ලක්ෂ හයක් පමණ මුදලක් වැය කොට 2016.12.27 වන දින ඇය ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලදී. කෙසේ නමුත්, ඇය මෙරටදී ප්‍රතිකාර ලබා ගත් අතරතුර 2017.05.04 වන දින අනුරාධපුර ශික්ෂණ රෝහලේදී අවාසනාවන්ත ලෙස මිය යන ලදී. ශ්‍රී ලංකාවට ගෙන්වාගත් දින සිට මිය යන තෙක් ඇයට පහත සඳහන් සුභසාධන පහසුකම් හා වන්දි මුදල් කාර්යාංශය මඟින් ලබා දීමට කටයුතු කර ඇත.
ඇය ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු කොළඹ ජාතික රෝහලට කාර්යාංශය මඟින් ඇතුළත් කරන ලදී.
එම පවුලේ අයගේ ඉල්ලීම මත ඇයව කොළඹ ජාතික රෝහලේ සිට අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත රැගෙන යාමට අවශ්‍ය ගිලන්රථ ඇතුළු සියලුම පහසුකම් ලබා දෙන ලදී.
රුපියල් 15,000ක වටිනාකමින් යුත් ඖෂධ, විශේෂිත ආහාර වර්ග සහ ද්‍රව්‍ය ලබාදෙන ලදී.
සුජානි රාජපක්ෂ මහත්මියගේ පහසුව සඳහා ගිලන් ඇඳක් සහ වායු මෙට්ටයක් ලබාදීම සඳහා රුපියල් 123,800ක මුදලක් වැය කරන ලදී.
ඇයගේ දරුවන් දෙදෙනාට රුපියල් 10,000ක් වටිනා පොත් පත් ඇතුළු පාසල් උපකරණ ලබාදෙන ලදී.
ඊට අමතරව FA/11742/2017 වන්දි හිමිකම් අංකය යටතේ පූර්ණ ආබාධිත තත්ත්වය මත රක්ෂණ වන්දිය ලෙස රුපියල් ලක්ෂ 4ක මුදලක් ලබාදෙන ලදී.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2017-11-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ තලතා අතුකෝරල මහත්මිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks