පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1507/’17
ගරු උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2016 වර්ෂයේදී රජය ලබා ගත් මුළු ණයවල වටිනාකම කොපමණද;
(ii) 2016 වර්ෂයේදී ලබා ගත් ණය සඳහා ගෙවිය යුතු බර තැබූ සාමාන්‍ය පොලී අනුපාතය කොපමණද;
(iii) වර්ෂ 2014 සහ 2015 ට සාපේක්ෂව, 2016 වර්ෂයේදී බර තැබූ සාමාන්‍ය පොලී අනුපාතය කොපමණ අගයකින් වෙනස් වී තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-06-09
අසන ලද්දේ
ගරු උදය ගම්මන්පිල මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) (පොත් වටිනාකම අනුව) රුපියල් මිලියන 1,516,265.72 (ඇස්තමේන්තු ගත)
(ii) දේශීය කෙටි කාලීන ණය උපකරණයක් වන භාණ්ඩාගාර බිල්පත් -Treasury Bills- නිකුත් කිරීම මඟින් 2016 වසර තුළදී ලබා ගත් ණය සඳහා ගෙවිය යුතු බර තැබූ සාමාන්‍ය පොලි අනුපාතය සියයට 9.99 විය.
දේශීය දිගු කාලීන ණය උපකරණයක් වන භාණ්ඩාගාර බැඳුම්කර - Treasury Bonds - නිකුත් කිරීම මඟින් 2016 වසර තුළදී ලබා ගත් ණය සඳහා ගෙවිය යුතු බර තැබූ සාමාන්‍ය පොලි අනුපාතය සියයට 13.58 විය.
එ.ජ. ඩොලර්වලින් නාමනය කරන ලද දේශීය මධ්‍යකාලීන ණය උපකරණයක් වන ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර - US Dollar denominated Sri Lanka Development Bonds - නිකුත් කිරීම මඟින් 2016 වසර තුළදී ලබා ගත් ණය සඳහා ගෙවිය යුතු බර තැබූ සාමාන්‍ය පොලි අනුපාතය සියයට 5.13 විය.
එ.ජ. ඩොලර්වලින් නාමනය කරන ලද විදේශීය මධ්‍යකාලීන ණය උපකරණක් වන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර - US Dollar denominated International Sovereign Bonds - නිකුත් කිරීම මඟින් 2016 වසර තුළදී ලබා ගත් ණය සඳහා ගෙවිය යුතු බර තැබූ සාමාන්‍ය පොලි අනුපාතය සියයට 6.47 විය.
එ.ජ. ඩොලර්වලින් නාමනය කරන ලද දේශීය මධ්‍යකාලීන ණය උපකරණයක් වන විදේශ ව්‍යවහාර මුදල් බැංකු ඒකක - US Dollar denominated Foreign Currency Banking Units - FCBUs - වලින් 2016 වසර තුළදී ලබා ගත් ණය සඳහා ගෙවිය යුතු බර තැබූ සාමාන්‍ය පොලි අනුපාතය සියයට 3.95 විය. (ඇමුණුම I බලන්න) ඇමුණුමI සභාගත* කරනවා.
(iii) භාණ්ඩාගාර බිල්පත් සඳහා බර තැබූ සාමාන්‍ය පොලී අනුපාතය 2014 වසරට සාපේක්ෂව 2016 වසරේදී සියයට 2.70කින් වැඩි වූ අතර 2015 වසරට සාපේක්ෂව සියයට 2.77කින් වැඩි විය.
භාණ්ඩාගාර බැඳුම්කර සඳහා බර තැබූ සාමාන්‍ය පොලී අනුපාතය 2014 වසරට සාපේක්ෂව 2016 වසරේදී සියයට 3.35කින් වැඩි වූ අතර 2015 වසරට සාපේක්ෂව සියයට 3.31කින් වැඩි විය.
ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර සඳහා බර තැබූ සාමාන්‍ය පොලී අනුපාතය 2014 වසරට සාපේක්ෂව 2016 වසරේදී සියයට 1.37කින් වැඩි වූ අතර 2015 වසරට සාපේක්ෂව සියයට 1.21කින් වැඩි විය.
ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර සඳහා බර තැබූ සාමාන්‍ය පොලී අනුපාතය 2014 වසරට සාපේක්ෂව 2016 වසරේදී සියයට 0.76කින් වැඩි වූ අතර 2015 වසරට සාපේක්ෂව සියයට 0.17කින් අඩු විය.
විදේශ ව්‍යවහාර මුදල් බැංකු ඒකකවලින් ලබා ගත් ණය සඳහා බර තැබූ සාමාන්‍ය පොලී අනුපාතය 2014 වසරට සාපේක්ෂව 2016 වසරේදී සියයට 0.38කින් අඩු වූ අතර 2015 වසරට සාපේක්ෂව සියයට 0.54කින් අඩු විය. (ඇමුණුම 1 බලන්න)
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-11-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks