බලන්න

04

E   |     |  

 දිනය: 2017-06-06   පිළිතුර ලබා දී ඇත 

1482/2017: ජාතික පාසල් ගුරුවරුන් සහ සේවකයන්: ස්ථාන මාරු ක්‍රමවේදය

ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)       එකම ජාතික පාසලක් තුළ වසර 10, 15, 20 සහ 30 දක්වා සේවා කාලයක් සම්පූර්ණකර ඇති ගුරුවරුන් සහ අනධ්‍යයන සේවකයන් සඳහා වාර්ෂික ස්ථානමාරු ලබාදීමේ ජාතික ප්‍රතිපත්තියක් අධ්‍යාපන අමාත්‍යාංශයට තිබේද;

(ii) එසේ නම්, ඒ අනුව 2017 වර්ෂයේ ස්ථාන මාරුවීම් ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර තිබේද;

(iii) එම සැලසුමට අනුව, ගුරු මාරුවීම් මේ වනවිට අවසන්කර තිබේද;

(iv) එසේ නොවේ නම්, එය කඩිනම් කිරීම සඳහා සැලැස්මක් ති‍බේද;

(v) මෙම මාරුවීම් සිදුකරන දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-06-06

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

                         ගුරුවරුන් සඳහා 2007.12.13 දිනැති 2007/20 දරන චක්‍රලේඛය මඟින් වාර්ෂික ගුරු ස්ථාන මාරු ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාවට නංවනු ලැබේ.

              (ii)      ඔව්.

             (iii)      ගුරු මාරුවීම් මේ වසර අවසන් වීමට පෙර ඉටු කිරීමට බලාපොරොත්තු වේ.

                         2017 වර්ෂයේ අනධ්‍යයන සේවකයින්ගේ ස්ථාන මාරුවීම් අවසන් කර ඇත.

(iv) ඔව්.

පාසල්වලින් ලබාගත් තොරතුරු පදනම් කරගෙන ගුරු මාරු මණ්ඩල නියෝජිතයන්ද සහභාගි කරගෙන අනුමත කරගත් නිර්ණායක මත මාරු මණ්ඩල කිහිපයක් එකවර යෙදවීම තුළින් කඩිනමින් එය ඉටු කිරීම සඳහා සැලසුම් කර ඇත.

(v) ගුරු ස්ථාන මාරු සිදු කිරීමේ දින වකවානු ඔවුන් ඉගැන්වීම් කරන අංශ අනුව වෙනස් වේ.

a) උසස් පෙළ පන්ති සඳහා උගන්වන ගුරු භවතුන් සඳහා සැප්තැම්බර් මස සිටද,

b) 5 ශ්‍රේණියට උගන්වන ගුරු භවතුන් සඳහා සැප්තැම්බර් මස සිටද,

c) 6 - 11 පන්ති සඳහා උගන්වන ගුරු භවතුන් සඳහා ජනවාරි මස සිටද,

d) 1 - 4 පන්ති සඳහා උගන්වන ගුරු භවතුන් සඳහා ඔවුන් උගන්වන අවධි කඩ නොවන පරිදි ජනවාරි මස සිටද ක්‍රියාත්මක කිරිමට නියමිතය.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2017-06-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අකිල විරාජ් කාරියවසම් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks