පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1468/’16
ගරු චමින්ද විජේසිරි මහතා,— පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2010 වර්ෂයේ සිට මේ දක්වා ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇති ව්‍යාපෘති සංඛ්‍යාව කොපමණද;
(ii) එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා එක් පළාත් පාලන ආයතනයකට ලබා දුන් අරමුදල් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) 2010 වර්ෂයේ සිට මේ දක්වා එම ව්‍යාපෘති සම්බන්ධයෙන් ගෙන ඇති පියවර කවරේද;
(iv) විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා අමාත්‍යාංශය ගෙන ඇති පියවර කවරේද;
(v) වත්මන් යහපාලන රජය යටතේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණය හා විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් ඉදිරියේදී ගැනීමට අපේක්ෂිත පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-06-23
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
පළාත්සභා, පළාත් පාලන සහ ක්‍රීඩා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ව්‍යාපෘති සංඛ්‍යාව 284කි.
(ii) ලබාදී ඇති අරමුදල් ප්‍රමාණය ඇමුණුම් අංක (1) A, B, C, D, E. F. G හා ඇමුණුම් අංක (2) ලෙස ඉදිරිපත් කර ඇත. ඇමුණුම් සභාගත* කරමි.
(iii) 2010 සිට 2016 දක්වා සියලුම ව්‍යාපෘති අවසන් කර පළාත් පාලන ආයතන වෙත භාරදී ඇති අතර, 2017 වර්ෂයේ ව්‍යාපෘති තවදුරටත් ක්‍රියාත්මක කරමින් පවතී.
(iv) මධ්‍යම පරිසර අධිකාරියේ අධීක්ෂණය යටතේ ඉටු කරනු ලැබේ.
(v) වත්මන් යහපාලන රජය යටතේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණයේ ප්‍රධාන අංග වන කසළ වර්ගීකරණය, කසළ ප්‍රතිචක්‍රීකරණය, කසළ අවම කිරීම යනාදි කටයුතු මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය, මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය හා මෙම අමාත්‍යාංශය පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල සහභාගිත්වයෙන් සිදු කිරීමට ක්‍රියා මාර්ග ගෙන ඇති අතර, 2016.11.01 සිට සියලුම මහා නගර සභාවල කසළ වර්ගීකරණ කටයුතු ආරම්භ කළ අතර, 2017.06.01 සිට සියලුම නගර සභා හා ප්‍රාදේශීය සභාවලද ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත.
ඊට සමගාමීව කොළඹ හා ගම්පහ දිස්ත්‍රික් පදනම් කරගත් කසළ මඟින් විදුලිය ජනන ව්‍යාපෘති ඇරඹීමට මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය කටයුතු කර ඇති අතර, එය ක්‍රියාත්මක කිරීම බස්නාහිර පළාත් සභාව හරහා සිදු කරන අතර, ඉදිරි මාස 06 තුළ දී පළාත් 09 තුළ මෙම අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මත යාන්ත්‍රික කොම්පෝස්ට් නිෂ්පාදන යන්ත්‍ර ස්ථාපනය කිරීමට සැලසුම් කර ඇත. ඒ පිළිබඳව වැඩි විස්තර ඇමුණුම් අංක 2හි දක්වා ඇත.
විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණය මධ්‍යම පරිසර අධිකාරිය තවදුරටත් සිදු කරන අතර, ජපානයේ ජයිකා ආයතනයේ තාක්ෂණික සහායෙන් විද්‍යුත් අපද්‍රව්‍ය කළමනාකරණයද ඇතුළු කසළ කළමනාකරණය පිළිබඳව ව්‍යුහාත්මක සැලැස්මක් -Master Plan- සකස් කිරීම සඳහා වැඩසටහනක්ද සකස් කර ඇත.
(ඇමුණුම් අංක 2 යටතේ 2017 කසළ කළමනාකරණ වැඩසටහන අමුණා ඇත.)
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-09-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks