පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1467/’16
ගරු චමින්ද විජේසිරි මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) උමා ඔය සංවර්ධන ව්‍යාපෘතිය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව විශාල පීඩාවකට ලක් වූ බව පිළිගන්නේද;
(ii) එසේ නම්, එම ව්‍යාපෘතිය නිසා පීඩාවට පත් වූ පවුල් සංඛ්‍යාව හා අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කවරේද;
(iii) එම ව්‍යාපෘතියෙන් පීඩාවට පත් වූ ජනතාවට වහා සහන ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබා දී ඇති බව දන්නේද;
(iv) එසේ නම්, එම අධිකරණ නියෝගයට අනුව, උමා ඔය සංවර්ධන ව්‍යාපෘතියෙන් පීඩාවට පත් වූ ජනතාවට සහන ලබාදීම සඳහා අමාත්‍යාංශය ගන්නා පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-09-19
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියෙහි ප්‍රධාන උමඟ කැනීමේ දී අනපේක්ෂිතව සිදු වූ ජල කාන්දුව හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල, ඇල්ල, හපුතලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල උමං මාර්ගයේ ජල කාන්දුව සිදු වූ කොටස්වලට ආසන්නව පිහිටි සමහර ප්‍රදේශවල ළිං සිඳී යෑම හා නිවාසවල ඉරි තැලීම් ආදිය නිසා එම ජනතාවට අහිතකර බලපෑම් ඇති වූ බව වාර්තා වී ඇත.
(ii) උමා ඔය ප්‍රධාන උමඟේ ජල කාන්දුවට ඉහළින් වූ ප්‍රදේශ ජනාකීර්ණ ප්‍රදේශ වූ අතර, මේ වන විට බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 2,871ක් ද, ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 1,239ක් ද, හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 78ක් ද බලපෑමට ලක් වී ඇති බව වාර්තා වී ඇත.
(iii) ශ්‍රේෂ්ඨාධිකරණයේ මේ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග වන අතර, බලපෑමට ලක් වූ ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් යම් නියෝග නිකුත් කර තිබේ. ඒ අනුව, සපයනු ලබන සහන පිළිබඳව විටින් විට ශ්‍රේෂ්ඨාධිකරණයට වාර්තා කරනු ලැබේ.
(iv) ජල කාන්දුව ඇති වූ වහාම බලපෑමට ලක් වූ ජනතාවට සහන සැලසීම ආරම්භ කරන ලදී. ඒ අනුව පීඩාවට පත් වූ ජනතාවට සහන ලබා දීම සඳහා පහත පියවර ගෙන ඇත.
1. පානීය ජලය බවුසර් මඟින් බෙදා දීම.
2. අර්ධ හානි වූ නිවාස සඳහා රජයේ තක්සේරුකරු විසින් නිර්ණය කරන පරිදි වන්දි ගෙවීම.
3. පූර්ණ හානි සිදු වූ නිවාස සඳහා රජයේ තක්සේරුකරු විසින් නිර්ණය කරන පරිදි ප්‍රතිස්ථාපන පිරිවැය ගෙවීම හා විකල්ප නිවසක පදිංචිය සඳහා ගෙවල් කුලී ගෙවීම.
4. ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරයා විසින් නිර්ණය කරන පරිදි වගා හානි සඳහා වන්දි ගෙවීම.
5. අතිගරු ජනාධිපතිතුමා විසින් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා වශයෙන් ඉදිරිපත් කරන ලද අංක 17/0071/704/002 හා 2017.01.10 දින ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට ලද අනුමැතිය ප්‍රකාර බලපෑමට ලක් වූ ජනතාවට වන්දි ගෙවීම ඇතුළු අනෙකුත් සහන සැලසීම.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2017-09-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්ද අමරවීර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks