01

E   |     |  

 දිනය: 2017-04-07   පිළිතුර ලබා දී ඇත 

1437/2017: පොල් නිෂ්පාදන වැඩසටහන: විස්තර

1437/’16

ගරු බන්දුල ගුණවර්ධන මහතා,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       2016 අයවැය යෝජනා අංක 160ට අනුව, පොල් ප්‍රවර්ධන කටයුතු ඇතුළු පොල් නිෂ්පාදන වැඩපිළිවෙළ සඳහා වෙන් කරනු ලැබූ රුපියල් මිලියන 250ක ප්‍රතිපාදන බෙදා දුන් ආකාරය ඉදිරිපත් කරන්නේද;

(ii) උක්ත යෝජනාවේම කොටසක් වශයෙන් ශ්‍රී ලංකාවට පොල් ආනයනය කිරීමට ඉඩ දෙනු ලැබුවේද;

 

(iii) එසේ නම්, ආනයනය කරනු ලැබූ පොල්  ප්‍රමාණය හා ආනයනකරුවන්ගේ නම් කවරේද;

(iv) වර්ෂ 1977 සිට 2016 දක්වා ශ්‍රී ලංකාවේ පොල් නිෂ්පාදනය, පොල් නිෂ්පාදිත අපනයන සහ ඒවායේ වටිනාකම වගුවක්  ආශ්‍රයෙන් ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-04-07

අසන ලද්දේ

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       වසුන් යොදා පොල් වගාව ප්‍රවර්ධනය කිරීම ඇතුළු පොල් පුනරුත්ථාපන වැඩසටහන සඳහා පහත පරිදි ප්‍රතිපාදන වෙන් කරනු ලැබීය.

                        1.     පොල් ඉඩම්හි අතුරු වගා සහනාධාරය ලබා දීම. (අක්කරයට  රුපියල් 10,000)

                        2.     පොල් ඉඩමේ පාංශු සංරක්ෂණය සඳහා ගල්වැටි හෝ සමෝච්ඡ කානු කැපීම සඳහා සහනාධාර ලබා දීම. (අක්කරයට රු. 12,000)

3. පොල් ඉඩමේ තෙතමන සංරක්ෂණය සඳහා වසුන් යෙදීම. (අක්කරයට  රුපියල්  15,000)

මේ සියල්ල සඳහා රුපියල් මිලියන 244.91ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.

4. උතුරු පළාතේ පොල් වගාකරුවන් සඳහා ගෙවතු මට්ටමින් දෙමුහුම් පොල් බීජ - රුපියල් මිලියන 5.09 නිෂ්පාදනය

(ii) නැත.

(iii) අදාළ නොවේ.

(iv) වගුවලින් දක්වා ඇත.  වගු සභාගත* කරමි.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2017-04-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නවීන් දිසානායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks