පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1435/’16
ගරු බන්දුල ගුණවර්ධන මහතා,— ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ජාත්‍යන්තර නියමයන්ට අනුකූලවීම සඳහා, ධීවර යාත්‍රාවලට සම්ප්‍රේෂණ උපකරණ (Transponders) සවි කිරීමට රජය විසින් කටයුතු කරන බව, 2016 අයවැය යෝජනා අංක153 හි සඳහන් කළ බව පිළිගන්නේද;
(ii) රජය විසින්, එසේ ලබා දෙන සම්ප්‍රේෂණ උපකරණවල සහ එක් යාත්‍රාවක් සඳහා ලබා දෙන සම්ප්‍රේෂණ උපකරණවල වටිනාකම වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) උක්ත අයවැය යෝජනාවට අනුව, 2016 වර්ෂය තුළදී, රජය විසින් සම්ප්‍රේෂණ උපකරණ ලබාදුන් ධීවර යාත්‍රා හිමියන්ගේ නාම ලේඛනයක් ඉදිරිපත් කරන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-04-06
අසන ලද්දේ
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථිකය පිළිබඳ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) රජය විසින් 2016 වසරේදී සම්ප්‍රේෂණ උපකරණ (Transponders) ලබාදීමට ගෙන තිබූ යෝජනාව අනුව එම උපකරණ 2328ක් ලබාගැනීමට මිල ගණන් කැඳවන ලද අතර, එක් සම්ප්‍රේෂණ උපකරණයක් රුපියල් 208,242ක් බැගින් (සවිකිරීම් ගාස්තුද ඇතුළත්ව) මෘදුකාංග ඇතුළු අනෙකුත් උපාංග සඳහා රුපියල් 79,965,066ක් ද සමඟ මුළු පිරිවැය රුපියල් 564,752,442කි.
එහෙත්, ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් පැවැති අභියාචන මණ්ඩලයේ නියෝග පරිදි ටෙන්ඩරය අවලංගු කිරීම හේතු කොටගෙන 2016 වසරේදී ඉහත උපකරණ ලබා දීමට නොහැකි විය.
(iii) මිලදී ගැනීම් සිදු නොවූ බැවින්, අදාළ නොවේ.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2017-04-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දිලිප් වෙදආරච්චි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks