පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1406/’16
ගරු බන්දුල ගුණවර්ධන මහතා,— උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) 2016 අයවැය යෝජනා අංක 185ට අනුව, නිදහස් Wi-Fi පහසුකම් සැපයූ රාජ්‍ය විශ්වවිද්‍යාල සහ එම විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් මෙම පහසුකම් භුක්ති විඳීම ආරම්භ කළ දිනයන් වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඉහත ඩිජිටල්කරණ පහසුකම් සැපයීම වෙනුවෙන් රජය විසින් දරනු ලැබූ මුළු පිරිවැය කොපමණද;
(iii) එම පිරිවැය, වැය බරක් වූ අමාත්‍යාංශය හෝ ආයතනය කවරේද;
(iv) රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඉගෙනුම ලබන සියලුම සිසුන්ට ලැප්ටොප් පරිගණක ලබා දීම සම්බන්ධයෙන් රජයට නිශ්චිත වැඩපිළිවෙළක් තිබේද;
(v) එසේ නම්, එම වැඩපිළිවෙළ කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-07-06
අසන ලද්දේ
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහාමාර්ග හා මාර්ග සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2016 අය වැය යෝජනා අංක 185 උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයට අදාළ නොවේ. එහෙත් එම යෝජනාවල අංක 331 යටතේ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සඳහා පොලී රහිත අවුරුදු 3ක ණය මුදලක් ලැප්ටොප් පරිගණක මිලදී ගැනීම පිණිස ලබාදීම සහ නිදහස් Wi-Fi කලාප රාජ්‍ය විශ්වවිද්‍යාලවල ඇති කිරීම සඳහා කටයුතු යොදා ඇත.
යෝජනා අංක 331 අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලයන්හි Wi-Fi පහසුකම් පුළුල් කිරීමේ වැඩසටහන අදියර කිහිපයකින් ක්‍රියාත්මක කරනු ලැබේ.
එහි පළමු අදියර යටතේ පහත දක්වා ඇති විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනවලට 2017 වසරේ ජූලි මාසය තුළදී Wi-Fi ලබාදීමට කටයුතු කර ඇත.
එහි දෙවන අදියර යටතේ පහත සඳහන් විශ්වවිද්‍යාලවලට හා උසස් අධ්‍යාපන ආයතනවලට Wi-Fi පහසුකම් ලබාදීමට පියවර ගෙන ඇත.
(ii) යෝජනා අංක 331 අනුව 2016 වසර සඳහා රුපියල් මිලියන 300ක් සහ 2017 වසර සඳහා රුපියල් මිලියන 350ක් මේ සඳහා අය වැය මඟින් ප්‍රතිපාදන වෙන් කර ඇත. මෙම ප්‍රතිපාදන ලැප්ටොප් පරිගණක ලබා දීමේ ව්‍යාපෘතිය සහ Wi-Fi පහසුකම් පුඵල් කිරීමේ ව්‍යාපෘතිය යන ව්‍යාපෘති දෙකම සඳහා වේ. ඇස්තමේන්තු කළ පරිදි ආසන්න වශයෙන් 2017 වසර සඳහා Wi-Fi ව්‍යාපෘතියට රුපියල් මිලියන 196ක් ද, ලැප්ටොප් ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 154ක් ද වැය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
(iii) උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යාංශයේ උසස් අධ්‍යාපන අංශය.
(iv) රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට අභ්‍යන්තර ශිෂ්‍යයන් ලෙස පූර්ණ කාලීනව ඇතුළත් වී ඇති සියලුම සිසුන් හට ස්වකීය මනාපය පරිදි ලැප්ටොප් පරිගණකයක් ලබා ගැනීමට රාජ්‍ය බැංකු සමඟ සම්බන්ධ වී ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක වේ.
(v) මෙම ව්‍යාපෘතිය යටතේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඉගෙනුම ලබන සියලුම සිසුන්ට ලැප්ටොප් පරිගණක මිලදී ගැනීම සඳහා බැංකු මඟින් රුපියල් 75,000ක ණය මුදලක් ලබා දීමට කටයුතු කර ඇත. මෙම ණය මුදල ලංකා බැංකුව සහ මහජන බැංකුව මඟින් තම විශ්වවිද්‍යාල ශිෂ්‍ය භාවය තහවුරු කර ලබා ගත හැකිය. තවත් එක් ශිෂ්‍යයෙකුගේ ඇපකරය පමණක් මෙම ණය මුදල ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් වේ. ණය මුදල වාරික වශයෙන් ගෙවිය යුතු අතර, ඊට අදාළ පොලී මුදල් රජය විසින් අමාත්‍යාංශය හරහා මාසිකව ලංකා බැංකුව සහ මහජන බැංකුව වෙත ගෙවනු ලැබේ.
ලැප්ටොප් පරිගණක ලබා ගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිය මාසික වාරික, අදාළ බැංකු ශාඛාව වෙත නොකඩවා ගෙවීම මෙම ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ එකම සාධකය වේ.
2016 මැයි මස ආරම්භ කරන ලද එම වැඩසටහන යටතේ මේ වන විට විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් 21,305කට ලැප්ටොප් පරිගණක ලබා ගැනීම සඳහා ණය මුදල් ලබා දී ඇත. ඒ අනුව මේ වන විට පොලී මුදල් වශයෙන් ලංකා බැංකුවට සහ මහජන බැංකුවට රුපියල් මිලියන 112ක් ගෙවා ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2017-10-17
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මොහාන් ලාල් ග්‍රේරු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks