01

E   |     |  

 දිනය: 2017-04-06   පිළිතුර ලබා දී ඇත 

1398/2017: කුරුඳු පුහුණු පාසල් : විස්තර

ගරු බන්දුල ගුණවර්ධන මහතා,— ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

(අ)          (i)      2016 අයවැයෙහි අංක 168 යෝජනාව අනුව, කුරුඳු පුහුණු පාසැල් ව්‍යාප්ත කිරීම සඳහා වෙන් කළ රුපියල් මිලියන 50ක මුදල වැය කළ ආකාරය පිළිබඳ වැය විස්තරයක් ඉදිරිපත් කරන්නේද;

             (ii)      නොඑසේ නම්, ඒ මන්ද;

(iii) ශ්‍රී ලංකාව තුළ පිහිටුවා ඇති කුරුඳු පුහුණු පාසැල් සංඛ්‍යාව‍ කොපමණද;

(iv) එම පාසැල් පිහිටා ඇති ස්ථාන කවරේද;

(v) 2016 වර්ෂය තුළදී කුරුඳු පුහුණු පාසැල් තුළ පුහුණුව ලැබූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව සහ නම් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2017-04-06

අසන ලද්දේ

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

සමාජ සුබසාධන හා ප්‍රාථමික කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       මෙම කුරුඳු පුහුණු පාසැල් සඳහා විවිධ ආයතන මඟින් සහ රජයෙන් රුපියල් මිලියන 50ක් පමණ වියදම් කොට ආරම්භ කොට ඇතත් මේ වන තෙක් සැලකිය යුතු අන්දමින් පුහුණු වීම් කටයුතු සඳහා යෙදවී නොමැත. තවද, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් මාතර පලොල්පිටිය කුරුඳු පුහුණු මධ්‍යස්ථානය මඟින්ද නොමිලේ නේවාසික පුහුණු පවත්වාගෙන ගියද ඒ සඳහා සහභාගිත්වයද ප්‍රමාණවත් පරිදි සිදු නොවේ. කොස්ගොඩ පිහිටි මෙම කුරුඳු පුහුණු පාසල් මුදල් අයකර පුහුණුවීම් කටයුතු සැලසුම් කොට ඇතත් නේවාසික පහසුකම් නොමැති වීමෙන් ඒ සඳහා පුහුණුලාභීන් සහභාගි නොවන බව හඳුනා ගත් බව සඳහන් කළ හෙයින් මූලිකව ආසන්නයේ පිහිටි වෙනත් නේවාසික පහසුකම් භාවිතා කර පුහුණු වීම් පවත්වාගෙන යාමට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟින්ද සාකච්ඡාවකින් පසු තීරණය කෙරුණි.

කෙසේ වෙතත් කුරුඳු කර්මාන්තයේ විශේෂයෙන්ම කුරුඳු තැලුම්කරුවන් 20,000ක් පමණ සිටින අතර එයින් අර්ධයකටවත් සුදුසුකම් පරීක්ෂාකොට පෙර දැනුම ඇගයීමෙන් සහතික ලබාදීමේ අවශ්‍යතාවක් ඇත. මේ සඳහා දැනටමත් කොස්ගොඩ කුරුඳු පුහුණු පාසල සමඟ ඒකාබද්ධව දෙදින පුහුණු පාඨමාලා සහ ඇගයීම සඳහා විශේෂ වැඩ පිළිවෙළක් සකස් කරමින් පවතී. මේ අනුව ඉදිරියේදී අවශ්‍යතාව සහ පුහුණුලාභීන් මෙම පාසල සඳහා යොමු වීම අනුව නේවාසිකාගාර සකස් කිරීමට අද සැලසුම් කර තිබෙනවා.

(ii) අදාළ නොවේ.

(iii) අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පිහිටුවා ඇති පුහුණු පාසල් ගණන එකකි.

එය ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය ලෙස හැඳින්වේ.

(iv) මාතර දිස්ත්‍රික්කයේ තිහගොඩ, පලොල්පිටිය ප්‍රදේශයේ පිහිටුවා ඇත.

(v) 2016 වර්ෂයේ පවත්වන ලද පුහුණු වැඩසටහන් ගණන 36කි.

2016 වර්ෂයේ පුහුණුව ලැබූ පුහුණුලාභීන් ගණන 898කි. පුහුණුලාභීන්ගේ නම් ඇතුළත් ලේඛනය සභාගත* කරමි.

2016 වර්ෂයේ පුහුණු කරන ලද මිනිස් දින ගණන 1324.5කි.

එක් එක් පුහුණු වැඩසටහන් පිළිබඳ විස්තර

 

යහපත් නිෂ්පාදන පිළිවෙත් යටතේ කුරුඳු සැකසීම - දින 5 පුහුණු වැඩසටහන    = 11

යහපත් නිෂ්පාදන පිළිවෙත් යටතේ කුරුඳු සැකසීම - පුහුණු  කරන ලද පුහුණුලාභීන් ගණන  = 93

යහපත් නිෂ්පාදන පිළිවෙත් යටතේ කුරුඳු සැකසීම - පුහුණු කරන ලද මිනිස් දින ගණන = 453

කුරුඳු කර්මාන්තය පිළිබඳ මූලික දැනුවත් කිරීමේ දින 3                    වැඩසටහන්   = 01

පුහුණුලාභීන් ගණන  = 23  

පුහුණු කරන ලද මිනිස් දින ගණන   = 69

යහපත් පිළිවෙත් යටතේ කුරුඳු ඉඩම් කළමනාකරණය දින 2  වැඩසටහන්   = 09

පුහුණුලාභීන් ගණන = 210  පුහුණු කරන ලද මිනිස් දින ගණන   = 371

කුරුඳු කර්මාන්තය පිළිබඳ මූලික දැනුවත් කිරීම - එක් දින                වැඩසටහන්  = 11

කුරුඳු කර්මාන්තය පිළිබඳ මූලික දැනුවත් කිරීම                                                 -  පුහුණුලාභීන්  ගණන  =    291

කුරුඳු කර්මාන්තය පිළිබඳ මූලික දැනුවත් කිරීම                                              - මිනිස් දින ගණන  = 291

විශ්වවිද්‍යාල හා පාසල් සිසුන් දැනුවත් කිරීම දින                                       1/2 වැඩසටහන්  = 04

විශ්වවිද්‍යාල හා පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා සහභාගි වූ ශිෂ්‍ය සංඛ්‍යාව  = 281

විශ්වවිද්‍යාල හා පාසල් සිසුන් දැනුවත් කිරීම                                            - මිනිස් දින ගණන = 140.5

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2017-06-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දයා ගමගේ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks