Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Engage with your Parliament by logging in
Hon. Bandula Gunawardana,— To ask the Minister of Primary Industries,—
(a) Will he inform this House—
(i) whether an expenditure report on the manner in which Rs.50 million allocated for the expansion of the Cinnamon Training Academies as per proposal number 168 of the 2016 budget proposals, was spent will be submitted;
(ii) if not, why;
(iii) of the number of Cinnamon Training Academies located in Sri Lanka;
(iv) of the places where the aforesaid schools are located; and
(v) of the number and the names of persons who received training at Cinnamon Training Academies in year 2016?
(b) If not, why?
Asked Date
2017-04-06
Asked by
Hon. (Dr.) Bandula Gunawardana, M.P.
Ministry
Social Welfare and Primary Industries
Legislature
Eighth Parliament of the D.S.R. of Sri Lanka
Session
First Session
(අ) (i) මෙම කුරුඳු පුහුණු පාසැල් සඳහා විවිධ ආයතන මඟින් සහ රජයෙන් රුපියල් මිලියන 50ක් පමණ වියදම් කොට ආරම්භ කොට ඇතත් මේ වන තෙක් සැලකිය යුතු අන්දමින් පුහුණු වීම් කටයුතු සඳහා යෙදවී නොමැත. තවද, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් මාතර පලොල්පිටිය කුරුඳු පුහුණු මධ්‍යස්ථානය මඟින්ද නොමිලේ නේවාසික පුහුණු පවත්වාගෙන ගියද ඒ සඳහා සහභාගිත්වයද ප්‍රමාණවත් පරිදි සිදු නොවේ. කොස්ගොඩ පිහිටි මෙම කුරුඳු පුහුණු පාසල් මුදල් අයකර පුහුණුවීම් කටයුතු සැලසුම් කොට ඇතත් නේවාසික පහසුකම් නොමැති වීමෙන් ඒ සඳහා පුහුණුලාභීන් සහභාගි නොවන බව හඳුනා ගත් බව සඳහන් කළ හෙයින් මූලිකව ආසන්නයේ පිහිටි වෙනත් නේවාසික පහසුකම් භාවිතා කර පුහුණු වීම් පවත්වාගෙන යාමට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟින්ද සාකච්ඡාවකින් පසු තීරණය කෙරුණි.
කෙසේ වෙතත් කුරුඳු කර්මාන්තයේ විශේෂයෙන්ම කුරුඳු තැලුම්කරුවන් 20,000ක් පමණ සිටින අතර එයින් අර්ධයකටවත් සුදුසුකම් පරීක්ෂාකොට පෙර දැනුම ඇගයීමෙන් සහතික ලබාදීමේ අවශ්‍යතාවක් ඇත. මේ සඳහා දැනටමත් කොස්ගොඩ කුරුඳු පුහුණු පාසල සමඟ ඒකාබද්ධව දෙදින පුහුණු පාඨමාලා සහ ඇගයීම සඳහා විශේෂ වැඩ පිළිවෙළක් සකස් කරමින් පවතී. මේ අනුව ඉදිරියේදී අවශ්‍යතාව සහ පුහුණුලාභීන් මෙම පාසල සඳහා යොමු වීම අනුව නේවාසිකාගාර සකස් කිරීමට අද සැලසුම් කර තිබෙනවා.
(ii) අදාළ නොවේ.
(iii) අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ පිහිටුවා ඇති පුහුණු පාසල් ගණන එකකි.
එය ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානය ලෙස හැඳින්වේ.
(iv) මාතර දිස්ත්‍රික්කයේ තිහගොඩ, පලොල්පිටිය ප්‍රදේශයේ පිහිටුවා ඇත.
(v) 2016 වර්ෂයේ පවත්වන ලද පුහුණු වැඩසටහන් ගණන 36කි.
2016 වර්ෂයේ පුහුණුව ලැබූ පුහුණුලාභීන් ගණන 898කි. පුහුණුලාභීන්ගේ නම් ඇතුළත් ලේඛනය සභාගත* කරමි.
2016 වර්ෂයේ පුහුණු කරන ලද මිනිස් දින ගණන 1324.5කි.
එක් එක් පුහුණු වැඩසටහන් පිළිබඳ විස්තර
යහපත් නිෂ්පාදන පිළිවෙත් යටතේ කුරුඳු සැකසීම - දින 5 පුහුණු වැඩසටහන = 11
යහපත් නිෂ්පාදන පිළිවෙත් යටතේ කුරුඳු සැකසීම - පුහුණු කරන ලද පුහුණුලාභීන් ගණන = 93
යහපත් නිෂ්පාදන පිළිවෙත් යටතේ කුරුඳු සැකසීම - පුහුණු කරන ලද මිනිස් දින ගණන = 453
කුරුඳු කර්මාන්තය පිළිබඳ මූලික දැනුවත් කිරීමේ දින 3 වැඩසටහන් = 01
පුහුණුලාභීන් ගණන = 23
පුහුණු කරන ලද මිනිස් දින ගණන = 69
යහපත් පිළිවෙත් යටතේ කුරුඳු ඉඩම් කළමනාකරණය දින 2 වැඩසටහන් = 09
පුහුණුලාභීන් ගණන = 210 පුහුණු කරන ලද මිනිස් දින ගණන = 371
කුරුඳු කර්මාන්තය පිළිබඳ මූලික දැනුවත් කිරීම - එක් දින වැඩසටහන් = 11
කුරුඳු කර්මාන්තය පිළිබඳ මූලික දැනුවත් කිරීම - පුහුණුලාභීන් ගණන = 291
කුරුඳු කර්මාන්තය පිළිබඳ මූලික දැනුවත් කිරීම - මිනිස් දින ගණන = 291
විශ්වවිද්‍යාල හා පාසල් සිසුන් දැනුවත් කිරීම දින 1/2 වැඩසටහන් = 04
විශ්වවිද්‍යාල හා පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා සහභාගි වූ ශිෂ්‍ය සංඛ්‍යාව = 281
විශ්වවිද්‍යාල හා පාසල් සිසුන් දැනුවත් කිරීම - මිනිස් දින ගණන = 140.5
(ආ) අදාළ නොවේ.
Answered Date
2017-06-21
Answered by
Hon. Daya Gamage, M.P.
Handbook of Parliament
The System of Elections in Sri Lanka
How Parliament Works
Business of Parliament
Copyright © The Parliament of Sri Lanka.
All Rights Reserved.
Design & Developed by TekGeeks