පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු බන්දුල ගුණවර්ධන මහතා,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) 2016 අයවැයෙහි අංක 162 යෝජනාවට අනුව, තේ, රබර් සහ පොල් පර්යේෂණ ක්‍ෂේත්‍රයන් වෙනුවෙන් වෙන් කරන ලද රුපියල් මිලියන 200 ක ප්‍රතිපාදනය එකී පර්යේෂණ ආයතන තුන අතර බෙදාහරිනු ලැබුවේ කවර අනුපාතයට අනුවද;
(ii) තේ, රබර් සහ පොල් පර්යේෂණ ආයතනයන්හි සේවා නියුක්තකයන්ගේ සංඛ්‍යාව, එක් එක් ආයතනය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) 2002, 2005, 2010 සහ 2014 වර්ෂවලදී, තේ පර්යේෂණ, රබර් පර්යේෂණ හා පොල් පර්යේෂණ සඳහා මහා භාණ්ඩාගාරයෙන් ලබා දුන් ප්‍රතිපාදනය, එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) ඉකුත් දශකය තුළ, තේ, රබර් සහ පොල් ක්‍ෂේත්‍ර තුනෙහි සිදුකළ පර්යේෂණයන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2017-06-23
අසන ලද්දේ
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි කර්මාන්ත
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) වර්ෂ 2016 අය වැයෙහි අංක 162 යෝජනාව අනුව තේ, රබර් හා පොල් පර්යේෂණ ආයතන ශක්තිමත් කිරීම වෙනුවෙන් වර්ෂ 2ක කාලයක් සඳහා රුපියල් මිලියන 200ක ප්‍රතිපාදන වෙන් කරනු ලැබීය.
එම ප්‍රතිපාදන පර්යේෂණ ආයතනයන්හි රසායනාගාර පහසුකම් ඉහළ නංවා රසායනාගාරයන්හි පර්යේෂණ කටයුතු ශක්තිමත් කිරීමට යන්ත්‍ර උපකරණ සපයා ගැනීමට පමණක් වෙන් කිරීමට අමාත්‍යාංශය තීරණය කරනු ලැබීය. ඒ අනුව පළමු වසර වන 2016 වර්ෂය සඳහා තේ, පොල් හා රබර් පර්යේෂණ ආයතනයකට රුපියල් මිලියන 30 බැගින් වෙන් කරනු ලැබීය. ඉතිරි ප්‍රතිපාදන 2017 වර්ෂයේ වැය කිරීමට සැලසුම් කරනු ලැබූ අතර, 2017 වර්ෂයේ අය වැය තුළින් මේ සඳහා වෙනමම ප්‍රතිපාදන වෙන් නොවුණු අතර යෝජනා කීපයක් සඳහා පොදුවේ "වැවිලි ක්ෂේත්‍රය සංවර්ධන ව්‍යාපෘති" ලෙස වෙන් වූ රුපියල් මිලියන 362න් රුපියල් මිලියන 90ක් පර්යේෂණ ආයතනයකට රුපියල් මිලියන 30 බැගින් වන ලෙස 2017 වර්ෂය සඳහා ද වෙන් කරනු ලැබීය.
(ii) තේ පර්යේෂණ ආයතනයේ සේවා නියුක්තිකයන්ගේ සංඛ්‍යාව - 269 (දෙසිය හැට නවයයි)
රබර් පර්යේෂණ ආයතනයේ සේවා නියුක්තිකයන්ගේ සංඛ්‍යාව - 406 (හාරසිය හයයි)
පොල් පර්යේෂණ ආයතනයේ සේවා නියුක්තිකයන්ගේ සංඛ්‍යාව - 273 (දෙසිය හැත්තෑ තුනයි)
ගරු ඇමතිතුමනි,(අ) (iii) පිළිතුරට අදාළව, 2002, 2005, 2010, 2014 වර්ෂ වෙනුවෙන් ලැබුණු ප්‍රතිපාදන වෙන් වෙන්ව සඳහන් කර තිබෙනවා. මම ඒ කොටස සභාගත* කරනවා.
(iv) තේ ක්ෂේත්‍රයේ සිදු කළ පර්යේෂණ ඇමුණුම 01හි දක්වා ඇත.
රබර් ක්ෂේත්‍රයේ සිදු කළ පර්යේෂණ ඇමුණුම 02හි දක්වා ඇත.
පොල් ක්ෂේත්‍රයේ සිදු කළ පර්යේෂණ ඇමුණුම 03හි දක්වා ඇත.
ඇමුණුම් සභාගත** කරමි.
(ආ) අදාළ නොවේ.
* සභාමේසය මත තබන ලද (අ) (iii)හි පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட (அ) (iii)க்கான விடை :
* Answer tabled for (a) (iii):
එක් එක් වර්ෂය අනුව තේ, රබර් සහ පොල් පර්යේෂණ සඳහා මහා භාණ්ඩාගාරය ලබා දුන් ප්‍රතිපාදන පහත පරිදි වේ.
|
ආයතනය |
ලැබූ ප්‍රතිපාදන |
රුපියල් මිලියන |
|||
|
|
|
2002 |
2005 |
2010 |
2014 |
|
රබර් පර්යේෂණ ආයතනය |
පුනරාවර්තන |
71. 450 |
108.445 |
181.050 |
252.500 |
|
|
ප්‍රාග්ධන |
40. 000 |
2.506 |
27.550 |
68.000 |
|
|
එකතුව |
111.450 |
110.961 |
208.600 |
320.500 |
|
තේ පර්යේෂණ ආයතනය |
පුනරාවර්තන |
190.760 |
187.423 |
232.070 |
299.726 |
|
|
ප්‍රාග්ධන |
39. 482 |
5.000 |
50.904 |
86.005 |
|
|
එකතුව |
230.242 |
192.423 |
282.974 |
385.731 |
|
පොල් පර්යේෂණ ආයතනය |
පුනරාවර්තන |
57.000 |
91.000 |
135.500 |
179.662 |
|
|
ප්‍රාග්ධන |
7.250 |
24.596 |
70.000 |
66.840 |
|
|
එකතුව |
64.250 |
115.596 |
205.500 |
246.502 |
පිළිතුරු දුන් දිනය
2017-06-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නවීන් දිසානායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks